ලෝක ආහාර සංවිධානයෙන් ගොවියන්ට නොමිලේ ලබා දෙන පොහොර මහනුවරටත්!

Date:

කොළඹ LNW:ලෝක ආහාර සංවිධානය මගින් රජයට නොමිලේ ලබාදුන් MOP පොහොර මෙට්‍රික් ටොන් පනස්දහසේ තොගයෙන් කොටසක් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය සඳහා ලැබෙමින් පවතින බව ජාතික මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කය සඳහා හිමිවූ මෙම පොහොර තොගය මහනුවර දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 45ක මැදිහත්වීම මත නිකුත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කය සඳහා MOP පොහොර මෙට්‍රික් ටොන් 550.2ක් හිමිවන බවත් හෙක්ටයාර 11 791ක වී වගා කරන ගොවියන් 24 000ක් සඳහා නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් මෙම පොහොර තොග නොමිලේ ලබා දෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලබා දෙන මෙම පොහොර ඉදිරි දිනවලදී කෘෂිකර්ම නිෂ්පාදන හා සංවර්ධන නිලධාරීන් ඇතුලු අදාල නිලධාරීන්ගේ සම්බන්ධීකරණය මත ගොවියන්ට ලබා දෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

නොමිලේ ලබා දෙන පොහොරවලට අමතරව මෙවර මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා ගොවියන් සඳහා සහනාධාර මුදලක් ගිණූම්ගත කරන බවත් ඒ මහතා පැවසුවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...