ලෝක ආහාර සංවිධානයෙන් ගොවියන්ට නොමිලේ ලබා දෙන පොහොර මහනුවරටත්!

Date:

කොළඹ LNW:ලෝක ආහාර සංවිධානය මගින් රජයට නොමිලේ ලබාදුන් MOP පොහොර මෙට්‍රික් ටොන් පනස්දහසේ තොගයෙන් කොටසක් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය සඳහා ලැබෙමින් පවතින බව ජාතික මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කය සඳහා හිමිවූ මෙම පොහොර තොගය මහනුවර දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 45ක මැදිහත්වීම මත නිකුත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කය සඳහා MOP පොහොර මෙට්‍රික් ටොන් 550.2ක් හිමිවන බවත් හෙක්ටයාර 11 791ක වී වගා කරන ගොවියන් 24 000ක් සඳහා නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් මෙම පොහොර තොග නොමිලේ ලබා දෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලබා දෙන මෙම පොහොර ඉදිරි දිනවලදී කෘෂිකර්ම නිෂ්පාදන හා සංවර්ධන නිලධාරීන් ඇතුලු අදාල නිලධාරීන්ගේ සම්බන්ධීකරණය මත ගොවියන්ට ලබා දෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

නොමිලේ ලබා දෙන පොහොරවලට අමතරව මෙවර මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා ගොවියන් සඳහා සහනාධාර මුදලක් ගිණූම්ගත කරන බවත් ඒ මහතා පැවසුවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...