හිටපු ඇමති කංචන වැඩ තහනම් කළ හැටදෙදෙනා වරප්‍රසාද සහිතව යළි සේවයට!

Date:

කොළඹ LNW:පසුගිය පාලන සමයේ වැඩ තහනමට ලක්වූ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණීමට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ පැවැත්වූ සේවක උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් එම පිරිස වැඩ තහනමට ලක්විය.

එහිදී සේවකයින් 62කුගේ සේවය අත්හිටුවා තිබුණු අතර අද දින බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයක් මත එම සේවකයින් වරප්‍රසාද සහිතව යළි සේවයට එක්විය.

ආයතනය රැකගැනීම වෙනුවෙන් උද්ඝෝෂණය කළ, සටන් කළ සේවකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට ලැබීම සතුටක් බවත් සේවකයින් සටන් කළේ විදුලිබල මණ්ඩලය රැකගැනීම වෙනුවෙන් බව දන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. පසුගිය රජය රටේ දේපල රිසිසේ විකුණා දැමීම පිණිස ගත් වැඩපිළිවෙල පරාජය කිරීමට ලැබීම මේ රටේ ජනතාව ලැබූ ජයග්‍රහනයක් බවත් ජාතික ජනබලවේග නව රජය මේ රටේ ජාතික සම්පත් රැකගැනීම අරමුණු කරගත් එකක් බවත් ආයතනය රැකගනිමින් දියුණු කරගැනීමට කටයුතු කරන්නට සියළුදෙනා සාමූහිකව එක්ව කටයුතු කළයුතු බවත් අමාතයවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට සහභාගිවූ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පසුගිය රජය විදුලිබල මණ්ඩලය කොටස් කර විකුණා දැමීමට පනත් සම්මත කර ගත්තත් විදුලිබල මණ්ඩලයේත් මේ රටේත් වැඩ කරන ජනතාව එම රජයත් පළවා හරිමින් එම වැඩ පිළිවෙල පරාජය කළ බවත් එම ජයග්‍රහනය රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේද උසස් ජයග්‍රහනයක් වන බවත්ය.

නීත්‍යානුකූල උද්ඝෝෂණයක් අත්තනෝමතික ලෙස මර්ධනය කරමින් විදුලිබල සේවකයින් හැටදෙදෙනෙකුගේ සේවය තහනම් කරන්නට එවකට රජයත් එවකට ඇමතිවරයත් කටයුතු කළත් අද ඔවුන්ට සාධාරණය ඉෂ්ඨකරන්නට මැදිහත්වීමට ලැබීම ලංකා විදුලි සේවක සංගමය ඇතුළු විදුලිබල වෘත්තීය සමිති වලද ජයග්‍රහනයක් බවත් ඔහු වැඩිදුරටත් කීය.

මෙහිදී සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කර නැවත ලංවිම සේවයේ පිහිටුවනු ලැබූ සේවකයන්, තමන්ව නැවත සේවයේ පිහිටුවනු ලැබීම හා අත්හිටවූ වරප්‍රසාද යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නව රජයට, අමාත්‍යවරයාට හා ලංවිම පාලන අධිකාරිය වෙත ඔවුන්ගේ කෘතඥතාවය පළකරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...