උද්ධමනයෙන් ලෝක වාර්තාවක් – ඇෆ්ගනිස්ථානය හයිටිය වැනි රටවලුත් අභිබවා යයි

ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 16 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. tradingeconomics වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

අදාල ශ්‍රේණිගත කිරීම අනුව ආසියාව තුළ අප සිටින්නේ 06 වැනි ස්ථානයේයි. ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවට වඩා ආහාර උද්ධමනය ඉහළ රටවල් වන්නේ ලෙබනනය, ඉරානය, සිරියාව, කිර්ගිස්ථානය, මොංගෝලියාව යන රටවල් පමණි.

පසුගිය මාසයේදී මෙරටින් වාර්තා වූ 9.9% උද්ධමනය අගය සලකා මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ. කෙසේ නමුත් මේ වනවිට මෙරට උද්ධමනය 11.1% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව tradingeconomics ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ ස්ථානය තවදුරටත් ඉහළ යනු ඇත.

ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව, හයිටිය, සෝමාලියාව වැනි රටවල පවාා ශ්‍රී ලංකාවට වඩා අඩු උද්ධමනයක් වාර්තා වන බවයි මෙම ශ්‍රේණිගත කිරීම් පැහැදිලි කරන්නේ.

අදාල වාර්තාව මෙතැනින්…..

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...