වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ආරම්භ කර ඇති වල්සපුගල ගොවි සත්‍යග්‍රහයට මේ වනවිට දින හතරක් ගත වී තිබෙනවා. මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ පසුගිය 21 වැනිදායි.
ගැසට් කර තිබෙන හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහය සඳහා ගොවි සංවිධාන 86 ක සහයෝගය හිමිව තිබෙනවා.
මීට පෙර මෙම ගොවි සංවිධාන දිගු කාලයක් සිදුකළ සත්‍යග්‍රහයක ප්‍රතිඵලයක් ලෙස වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් මගින් ප්‍රකශයට පත් කළේය. කෙසේ නමුත් ගොවි සංවිධාන පවසන්නේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කළද වනඅලි කළමනාකරණ රක්ෂිතය නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවයි.
UN