*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

රටේ ඖෂධ හිඟය බරපතලයි, විසඳුම් පේනමානෙක නෑ – පරිපුරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පරිපුරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩල මාධ්‍ය හමුවෙදී සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පලකළ අදහස්,

මේ රටේ අධිකරණය CID එක තහවුරු කරා සෞඛ්‍ය සේවාවේ තත්වය. ඒ අනුව ඇමති ලේකම් වෙනස් වුණා. හොරු අල්ලාගෙන යනකොට ඖෂධ නැතිවෙලා ඖෂධ මිල මේ වැඩිවෙලා මේ තත්වයන් කළමනාකරණය කරන්න ඕන නිසා කළමනාකරුවන්ට පඩි ගෙවනවා සෞඛ්‍ය අමාත්‍යංශය. කාලය මිල තත්වය එක්ක ලබන වසරේ ඖෂධ හිඟයක් එනවා. දැනට ඖෂධ 253 හිඟයි. ලබන වසරේ තව ඖෂධ 110 හිඟ වෙනවා. අද තීරණයක් ගත්තත් තව මාස තුනක් වත් යනවා රටට ගෙන්නන්න. අවශ්‍ය ඖෂධ වර්ග සියල්ල අටසිය ගාණක්. තුන්සිය ගාණක් ලබන වසරේ හිඟ උනාම තුනෙන් එකක් හිඟයි.

භාවිතා වන ශල්‍ය උපකරණ පහළොස් දාහක්. එයින් තුන්දාහක් හිඟයි. තුනෙන් එකක්‌ ශල්‍ය උපකරණ හිඟයි. සෞඛ්‍ය අමාත්‍යංශය තුල වැඩ කරන අය නෑ ඉන්නේ රගපාන අය. මේ අය එක්ක සෞඛ්‍ය ගෙනියන්න බෑ.

සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රශ්න නොකිරීම බරපතලයි . ලේකම් හෙළිදරව් නොකිරීම ඊටත් වඩා භයානකයි. කෙසේ වෙතත් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළියට මේකෙන් ගැලවෙන්න බෑ. සියල්ල ලේකම් කළා වගේ නම් ඇමතිවරු ඕනේ නෑ .සෞඛ්‍ය සඳහා අපි ජනාධිපතිට මතක් කරනවා.

ඖෂධ නියාමන අධිකාරිය සිරින්ජර් හිගයක් කියලා හදිස්සි මිලදී ගැනීමකට යනවා. මේක තමයි වෙන්නේ හැමදාම රුපියල් 8/10 ගන්න පුළුවන් සිරින්ජර රුපියල් 40/50 ට ගන්න වෙනවා.

ඖෂධ සංස්ථාවේ විශාල ගැටළු මතුවෙමින් තියෙනවා විශාල චෝදනා රාශියක් අපිට ලැබෙමින් පවතිනවා, වහාම නිවැරදි කරන්න අපිට ඖෂධ සංස්ථාව අමතක කරලා නෑ.

ලෝක සෞඛ්‍ය සංවිදානය නව කොවිඩ් ප්‍රබේදයක් ගැන නිවේදන නිකුත් කර තිබෙනවා. JN නමින් නව ප්‍රබේදය හදුන්වා දි තිබෙනවා. අපිට කියන්න බැ අපේ රටේ නෑ කියලා මොකද අපි පරීක්ෂණ කරලා නැති නිසා.

ගෙන්වපු පරීක්ෂණ කට්ටල කල් ඉකුත් වෙලා. විසිකරන්න එපා. ඒවා භාවිතා කරන්න . කොවිඩ් එන්නත් හැත්ත නව ලක්ෂයක් විසි කරලා තියෙනවා. ඇන්ටිජන් එන්නත් සඳහා මුදල් ගෙවලා තියෙන්නේ ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යංශය මුදල් ගැන හිතන්න ඕන නෑ. කොවිඩ් පිළිබද පරීක්‍ෂා කිරීම ජාතිද්‍රෝහී ක්‍රියාවක් ලෙස දැකලා පස්සේ පරීක්ෂණ කට්ටල විසි කරාම තේරුම් යයි ඇයි නොකළේ කියලා.

අපි කොවිඩ් ගැන දන්නවා. පරණ ක්‍රම තියෙනවා වැක්සින් තියෙනවා රටවල් ලොක් ඩවුන් කරන්නේ නැතුව බේරගන්න පුළුවන් භයානක ලෙස සාම්පරේෂණය වුණාට භයානක නොවන ලෙස කටයුතු කල යුතුයි”

අපි කියන දේ අහන්න ඕන නෑ ලෝක සෞක්‍ය සංවිධානයේ මාර්ග උපදේශ අනුගමනය කරන්න – විකිරණ තාක්ෂන වේදීන්ගේ සංගමය සභාපති චානක ධර්මවික්‍රම

පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ඒකක බිද වැටිලා. ඒකක පහෙන් යන්ත්‍ර දෙකක් බිද වැටිලා දිනකට කුඩා දරුවන් 12/15 අතර ප්‍රතිකාර කරනවා, කුඩා දරුවන්ට ප්‍රතිකාර වලට අමතරව සාමාන්‍ය රෝගීන් 75 ට දිනකට ප්‍රතිකාර කරා.

රෝගියාට අනුව ප්‍රතිකාර සැලසුම් කරාට පසු වෙනත් යන්ත්‍රයකින් කරන්න බෑ. දැන් සැලසුම් කරපු රෝගීන්ට ප්‍රතිකාර කරන්න බෑ. කරාපිටිය රෝහලේ යන්ත්‍රයක් බිද වැටිලා එම රෝහලේ ප්‍රතිකාර බිද වැටිලා.

පෙට් ස්කෑන් මැෂින් දෙකයි තියෙන්නේ එකක් අපේක්ෂා රෝහලේ අනික ජාතික රෝහලේ නමුත් දෙකම මේ වන විට ක්‍රියාත්මක කරන්නේ නෑ. ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය යථා තත්වයට ගන්න විදේශ රටකට ගෙනියන්න වෙනවා . අපේක්ෂා රෝහලේ අවශ්‍ය අනෙකුත් ඖෂධ වලට මුදල් ගෙවලා නෑ සැපයුම් කරුට ඒ නිසා භාවිතා කරන්න බැරි වෙලා. පුද්ගලික පරීක්ෂණයක් කරගන්න රුපියල් ලක්ෂ තුනක් පමණ යනවා රෝගියෙක්ට කළමනාකරණයේ දුර්වලතා නිසා මේ බිද වැටීම් සිදුවෙලා.

හෘද රෝග සඳහා අවශ්‍ය මැෂින් බොහොමයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ වනවිට රෝහල් වල සමහර රෝහල් වැසි යන තත්වයක් තියෙන්නේ ඖෂධ නෑ නිලධාරීන් බදවාගෙන නෑ විදෙස් ගත වෙනවා පුරප්පාඩු පුරවන්නේ නෑ . ඉන්න අයට මානසික කායික සුවයක් නෑ. සේවක හිඟය නිසා අමතර රාජකාරි කිරීම හේතුවෙන් මේ සියලු තත්වයන් යටතේ ලබන වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල බිද වැටීමකට ලක්‌ වෙනවා”.

තුෂාර රණදේව – සම සභාපති

ඉන්දියානු ණය සහනාධාර යටතේ හිමියුග්ලෝබින් ගෙනල්ලා වංචා කරලා බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මරණයට පත් කරා. රාජ්‍ය නිලධාරීන්ට සිර ගත වෙන්න වුණා. නමුත් අමාත්‍යවරයාට විදේශ ගමන් තහනම් නෑ. ප්‍රකාශ ලබා ගැන්නේ නෑ . ඉතිහාසයේ දරුණු අපරාධයක් මිනිස්සු අහාර නැතුව ඉන්න කලෙක ඖෂධ වලින් වංචා කිරීමට එරෙහිව දඩුවම් දිය යුතුයි.

රටක් වැටිලා විදේශ රට වලින් හිගමන් යදිද්දී ණය සහනාධාර යටතේ රට ගෙනියනකොට ඖෂධ වලින් දේශපාලකයෝ මුදල් උපයන්න මඩි තරකර ගන්න කටයුතු කරානම් වහාම නිතිය ක්‍රියාත්මක කරන්න.

ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රමවේදයන් නවත්වලා මේ ලේකම් හරහා කරන්න කටයුතු කරේ මහමොළකරු ඔහුට ඕන විදියට කරගන්න.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති අධ්‍යක්ෂ සෞඛ්‍ය අමාත්‍යංශයේ CCTV දර්ශන විනාශ කරා. රෑට රෑට ඇවිත් CID එක cctv ඔස්සේ පරීක්ෂණ නැවත ආරම්භ කලොත් මහමොළකරු සොයාගන්න පුළුවන්. මේ මොහොතේ මේ අපරාධයට නිතිය ක්‍රියාත්මක වුණේ නැත්නම් ආයේ කවදාවත් මේ වංචා දුෂණ නවත්තන්න වෙන්නේ නෑ, ඒ නිසා මීට පෙර සහ මින් ඉදිරියට මේ වංචා වලට දඩුවම් දෙන්න කටයුතු කල යුතුයි”

ලෙස අදහස් පළ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan