ඡන්දයට වන්නිලා ඇත්තන්ගෙනුත් කණ්ඩායමක්…

ඉදිරි කාලයේදී පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබුවහොත් ආදිවාසී ජනතාව වෙනුවෙන් ද ස්වාධීනව මැතිවරණයට පිවිසීමට සූදානම් බව ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් පවසයි.

ඒ සඳහා අවශ්‍ය තරුණ නියෝජිතයන් තෝරන ලෙස ආදිවාසී පළාත්වල නායකයන්ට දැනුම් දීමක් සිදුකළ බව ද සඳහන් කළේය.

ඒ අනුව අම්පාර, වාකරේ සහ පොල්ලෙබැද්ද යන ප්‍රදේශවල ආදිවාසී නායකයන්ට තමා මේ බව දැනුම්දී ඇතැයි ද වන්නිලෑ ඇත්තෝ පැවසීය.

කෙසේ වෙතත් මෙවර පළාත් පාලන මැතිවරණයට දඹානෙන් තම පවුලේ සාමාජිකයකු යොදා ගැනීමට අදහස් කර නැතැයි ද කීවේය.

ආදිවාසී ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් පසුගිය කාලයේ කිසිදු දේශපාලනඥයකු විසින් ලබාදී නැතැයි ද ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් කීවේය.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ආදිවාසි ජනතාව අතර නියම සුදුස්සන් සිටින බව කී වන්නිලෑ ඇත්තන් දේශපාලන පක්‍ෂවලින් ඉදිරිපත් නොවී ස්වාධීනව තරග කිරීම වැදගත් බව ද කීවේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...