තෙල් විදුලිය ඇතුළු රාජ්‍ය ආයතන පහක අරමුදල් අත්හිටුවා ප්‍රතිව්‍යූහගත කිරීමට යෝජනාවක්

Date:

රාජ්‍ය ආයතන පහක් සඳහා රජයෙන් ලබාදෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ මණ්ඩලය විසින් රජයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යන ආයතන මෙලෙස ප්‍රතිව්‍යූහගත කිරීමට යෝජනා වී තිබෙනවා.

රාජ්‍ය ආයතන 527 න් ආයතන 77 ක් පසුගිය 2006 – 2020 අතර කාලසීමාව තුළදී රුපියල් ට්‍රිලියන 1.2 ක පාඩුවක් ලබා ඇති අතර තවත් ආයතන 55 ක් එම කාලසීමාව තුළදී රුපියල් ට්‍රිලියන 1.27 ක ලාබයක් අත්පත් කරගෙන තිබෙනවා.

ප්‍රතිව්‍යූහගත කිරීමට යෝජනා කර ඇති ආයතනවලින් ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබා ඇති සමස්ත අලාභය රුපියල් කෝටි 33,000 ක් වන අතර භාණ්ඩාගාරයේ ඇප මත ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් මිලියන 43,530 කි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් යයි!

ලබන සෙනසුරාදා (6) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ...

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට...