ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්වන පී.බී. ට මුදල් අමාත්‍යාංශයේ ඉහළම තනතුරක් ?

Date:

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්වීමට නියමිත ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාව මුදල් අමාත්‍යාංශයෙහි ජ්‍යේෂ්ඨ උපදේශක තනතුරට පත් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

පී.බී. ජයසුන්දර මහතා මේ වනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති අතර දෙසැම්බර් 31 වනදා සිට ඔහු ජනාධිපති ලේකම් තනතුරින් ඉවත් වීමට නියමිතය.

ජනාධිපති ලේකම් වශයෙන් ජයසුන්දර මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳ කොතෙක් විවේචන පැවතිය ද ඔහු මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරකට පත්කිරීම නම් සුදුසු පියවරක් බව අපගේත් හැඟීමයි. මන්දයත් මේ මොහොතේ රටේ ආර්ථිකයට අත්‍යාවශ්‍ය වී ඇති විදෙස් මුදල් සම්පාදනය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳව මෙරට සිටින වඩාත්ම අත්දැකීම් සහිත නිලධාරියා වන්නේ ඔහු නිසාය.

සරල වචනයෙන් කිවහොත් රටේ ආර්ථිකයෙහි “රෝල කරකවා ගැනීමට” අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව හොඳින්ම දන්නේ පී.බී. ජයසුන්දර මහතාය. ඇත්තෙන්ම මේ රටේ දශක දෙකක පමණ කාලයක්ම ඔය කී “රෝල කරකැවූයේ” පී.බී. ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙනි. එහෙයින් මේ අසීරු අවස්ථාවේදී ද ඒ සඳහා ඔහුගේ සේවය ලබාගැනීම උචිතය. ඔහුව තදින්ම විවේචනයට ලක් කරන ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් කරන්නේ සපයා දෙන මුදල් වියදම් කිරීම පමණකි. ඔවුන්ට මුදල් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් තබා හැඟීමක්වත් නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...