ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්වන පී.බී. ට මුදල් අමාත්‍යාංශයේ ඉහළම තනතුරක් ?

Date:

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්වීමට නියමිත ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාව මුදල් අමාත්‍යාංශයෙහි ජ්‍යේෂ්ඨ උපදේශක තනතුරට පත් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

පී.බී. ජයසුන්දර මහතා මේ වනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති අතර දෙසැම්බර් 31 වනදා සිට ඔහු ජනාධිපති ලේකම් තනතුරින් ඉවත් වීමට නියමිතය.

ජනාධිපති ලේකම් වශයෙන් ජයසුන්දර මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳ කොතෙක් විවේචන පැවතිය ද ඔහු මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරකට පත්කිරීම නම් සුදුසු පියවරක් බව අපගේත් හැඟීමයි. මන්දයත් මේ මොහොතේ රටේ ආර්ථිකයට අත්‍යාවශ්‍ය වී ඇති විදෙස් මුදල් සම්පාදනය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳව මෙරට සිටින වඩාත්ම අත්දැකීම් සහිත නිලධාරියා වන්නේ ඔහු නිසාය.

සරල වචනයෙන් කිවහොත් රටේ ආර්ථිකයෙහි “රෝල කරකවා ගැනීමට” අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව හොඳින්ම දන්නේ පී.බී. ජයසුන්දර මහතාය. ඇත්තෙන්ම මේ රටේ දශක දෙකක පමණ කාලයක්ම ඔය කී “රෝල කරකැවූයේ” පී.බී. ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙනි. එහෙයින් මේ අසීරු අවස්ථාවේදී ද ඒ සඳහා ඔහුගේ සේවය ලබාගැනීම උචිතය. ඔහුව තදින්ම විවේචනයට ලක් කරන ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් කරන්නේ සපයා දෙන මුදල් වියදම් කිරීම පමණකි. ඔවුන්ට මුදල් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් තබා හැඟීමක්වත් නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාවගේ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා ජනතාවට දීගන්න මේ ආණ්ඩුවට තවමත් බැහැ – GMOA

සටහන - රුවන් නෙළුගොල්ල රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ...

ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...