නියුරෝසික සීගිරිය … – මහේෂ් හපුගොඩ

ලෝකේ හොඳ දේවල් ඉතුරු වෙනවා වගේම නරක කියල හිතන හෝ හිතපු දේවලුත් ඉතිරි වෙනවා. ලෝකේ අටවැනි පුදුමය ලෙස යුනෙස්කෝව නම් කරන සීගිරිය මම හිතන්නේ අපි දන්නා ඉතිහාසයේ පාපී, නරක, අඳුරු පැල්ලමක් (evil) තුළින් මතුවූ අද්විතීය නිර්මාණයක්.

පීතෘ ඝාතනය. පණ පිටින් හිටුවා පස් ගැහීම. ඒ කාශ්‍යප ඉදිරියේ ලියවෙන දේවල්. මව් පිය ඝාතනය ආනන්තරීය පාප කර්මයක් ලෙසින් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ නම් කරන ලද දෙයක්. මම හිතන්නේ කාශ්‍යප කරන්නේ ඉතිහාසයේ විශාලම සංකේත පිළිවෙල උල්ලංඝනය. ඒක ඉතිහාසයේ ක්ෂිතියක්.

නමුත් කාශ්‍යප පැත්තෙන් ගත්තම එයාටත් හිතෙන්න ඇති නේද මමත් මිනිහෙක්, මගේ මොනවද අඩු වගේ හැඟීමක්. මම කියන්නේ එයා පුපුරා යන තරම් අනන්‍යතා අර්බුදයක ඉන්න ඇති කියල. ධාතුසේන රජ්ජුරුවන්ටත් බැරි වෙන්න ඇති ඒ වෙලාවේ තිබ්බ පිළිවෙල ඉක්මවලා (අග බිසවගේ පුතාට තමයි රාජ්‍යත්වය අයිති වෙන්නේ කියන එක) වෙනත් දෙයක් කරන්න.

එයා රාජ්‍යයත්වට සුදුසු මිනිහෙක් ලෙස පවත්නා පිළිවෙල ඇතුලේ පිළිනොගැනීම ඇතුලේ ලොකු ලැකානියානු අඩුවක් දැනෙන්න ඇති. කෙසේ හෝ පුරවා දැමිය යුතු දෙයක් ඔහු තුළ ඇතුවා ලෙස හිතෙන්න ඇති (lack = want to be). දැන් තමන් කුමක් කළ යුතුද (මම දැන් කවූද?) සහ එසේ කළ යුතු දෙය කරා ගමන් කිරීමට එරෙහිව ඇති බාධාව කුමක්ද කියන අර්බුදය ඇතුලේ ඔහු නියුරෝසික වෙන්න ඇති.

එයාට මිනිසෙක් හැටියට පූර්ණ ලෙස විකසිත වීම සඳහා ඒ පැවති සංකේත පිළිවෙල බාධාවක් වෙන්න ඇති. මේ අපි දකින නිර්මාණය බිහි වෙන්නේ ඒ නියුරෝසික අර්බුදයේ ප්‍රථිපලයක් හැටියට වෙන්න පුළුවන්.

ඒ කොහොම වුණත් ඒ අනන්‍යතා අර්බුදය ඇතුලේ බිහිවෙන දෙය තමයි වැදගත් වෙන්නේ. කාශ්‍යප හදන්නේ වෙනත් අය උත්සාහ කරපු නැති දෙයක්. ආලකමන්දාවක්. ලෞකික නිර්මාණයක්. එයාට සතුටු වීම සඳහා අවකාශයක්. අර අල්පේච්ච සරල බව වගේ බෞද්ධ අදහස් වලට වෙනස් එකක්. පවත්නා ක්‍රමයට එරෙහිව යන දෙයක්. එයාගේ අනෙකා තමයි පැවතිච්ච පිළිවෙල.

එයා වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පයෙන් නිදහස් වෙලා පූර්ණ ලෞකික අවකාශයක් නිර්මාණය කරනවා. හිතුවක්කාරී ලෙස. මම හිතන්නේ මේ වර්ගයේ එකම සහ අවසාන ලාංකික මහේෂ්ක නිර්මාණය. එදා එයාගේ රෝග ලක්ෂණය. අද ගෝලීය රෝග ලක්ෂණය.

ලාංකික සංචාරක ආකර්ෂණ වලින් අංක එකට තියන ගෝලීය නිර්මාණය කරන්න ඒ හිතුවක්කාරී බව හේතු වෙන්න ඇති. අනන්‍යතාවක් නොතිබ්බ, අනන්‍යතාවක් නොදුන්න කාශ්‍යපගේ වේදනාව මොන වගේ වෙන්න ඇතිද? පුරවන්න බැරි අඩුවක් එක්ක එයා කොච්චර නම් තැවෙන්න ඇත්ද? එයාගේ සේනාව එයාව තනි කරන්නත් ඔය සියලු දේ බලපාන්න ඇති.

නමුත් එයාගේ සේනාව එයාව තනි කරද්දී එයා සියදිවි නසා ගන්නේ සමුරායි ක්‍රමයකට.

එච්චර හිතුවක්කාර පාපී කෙනෙක්ගේ නිර්මාණයක් විදේශ විණිමය ගේන ලෝක පුදුම සංචාරක ආකර්ෂණයක් වෙයි කියල එදා මහාවංස කාරය හිතන්න නැතුව ඇති. බටහිර අයත් ආසයි පෙරදිග හිතුවක්කාරී බවට.

@ මළ ඉර බහින කොට පිදුරංගල පර්වතයට සීගිරිය පෙනෙන හැටි. එහෙම බලාගෙන ඉන්නකොට මට හිතිච්ච දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...