තහනම් කර තිබූ එළිමහන් ප්‍රසංග සඳහා යළිත් අවසර හිමිවෙයි

Date:

කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීම සඳහා යළිත් අවසර ලබා දී තිබෙනවා. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඊට අදාල උපදෙස් සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර තිබේ.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංගීත ප්‍රසංග පැවැත්විය යුතු වන අතර ප්‍රසංග පැවැත්විය හැකි කාලරාමුවක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවලදී රාත්‍රී 10 තෙක් එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසර හිමි වේ. සිකුරාදා සහ සෙනසුරාදා දිනවලදී අළුයම 01 දක්වාත් ඉරිදා දිනවලදී රාත්‍රී 12.30 දක්වාත් ප්‍රසංග පැවැත්වීමට අවසර හිමි වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට වෙනස් වන සුරාබදු දෙපාර්තමේන්තුව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : අද (24) ...

වෙන කවරදාටත් වඩා පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය අද දේශපාලනීකරණය වෙලා – ආචාර්යවරුන්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඉවත්කිරීමේ...

ජනපති අනුරගේ නත්තල් දින පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග...