ඔලිම්පික් කමිටුවේ බලය යළිත් සුරේෂ් සුබ්‍රමනියම්ට

Date:

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිළවරණය අද පැවැත්විණි. හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා යළිත් සභාපති තනතුරට පත්ව තිබෙනවා. ඒ අනුව 2026 වසර දක්වා ඔහු ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ක්‍රීඩාවල ජාතික සංගම් 33 ක ප්‍රධානීන් අද පැවති නිළවරණයේදී ඡන්දය භාවිතා කළ අතර එහිදී ඡන්ද 21 ක් ලබා ගැනීමට සුරේෂ් සුබ්‍රමනියම් මහතා සමත් විය. ඔහු හමුවේ පරාජයට පත් වූ පාලිත ප්‍රනාන්දු මහතාට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 12 ක් පමණි.

ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය නියෝජනය කරමින් නිළවරණයට තරග කළ සුබ්‍රමනියම් මහතා එම සම්මේලනයේ උප සභාපතිවරයෙකු ලෙසද කටයුතු කරයි.

ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා යළිත් ලේකම් ධුරයට පත්විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...