හිටපු ජනාධිපති රනිල්ගෙන් හෙළිදරව්වක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ (LNW):

ඊයේ (27) දින , ඉන්දීය හිටපු අග්‍රමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වාජ්පායි මහතා වෙනුවෙන් සංවිධාන කෙරෙන 7වන අතල් බිහාරි වාජ්පායි දේශනයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ බව වාර්තා වේ.

එහිදී ප්‍රධාන දේශනය පවත්වමින්, රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත්තේ, 2001 වසරේදී තමාට LTTE සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමට සිදුවූයේ, එවක ආර්ථික මරමස්ථානවලට එල්ල වූ ප්‍රහාර හමුවේ සිදුවූ ආර්ථික පසුබෑම හමුවේ බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“මම දෙවනවරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස 2001 වසරේ දෙසැම්බර් මාසයේ තේරීපත් වෙද්දී ශ්‍රී ලංකාව දරුණු දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටියා. ශ්‍රී ලංකාවේ හමුදාවට පසුබසින්න වුණා. LTTE ප්‍රහාර හමුවේ සහ ස්ථාන රැසක බලය ගිලිහුණා. වරාය සහ ගුවන්තොටුපොළ හමුවේ එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ සහ ගුවන් යානා පැමිණීම නතර වුණා. ආර්ථිකය වසා දැමීමමකට මුලපුරමින් අපිට තිබුණේ. LTTEසමග සටන්විරාමයකට එළැඹීමේ විකල්පය පමණයි තිබුණේ. අගමැති වුණාට පසු මම වහාම නවදිල්ලිය බලා පිටත් වුණා” ලෙස පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...