හිටපු ජනාධිපති රනිල්ගෙන් හෙළිදරව්වක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ (LNW):

ඊයේ (27) දින , ඉන්දීය හිටපු අග්‍රමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වාජ්පායි මහතා වෙනුවෙන් සංවිධාන කෙරෙන 7වන අතල් බිහාරි වාජ්පායි දේශනයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ බව වාර්තා වේ.

එහිදී ප්‍රධාන දේශනය පවත්වමින්, රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත්තේ, 2001 වසරේදී තමාට LTTE සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමට සිදුවූයේ, එවක ආර්ථික මරමස්ථානවලට එල්ල වූ ප්‍රහාර හමුවේ සිදුවූ ආර්ථික පසුබෑම හමුවේ බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“මම දෙවනවරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස 2001 වසරේ දෙසැම්බර් මාසයේ තේරීපත් වෙද්දී ශ්‍රී ලංකාව දරුණු දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටියා. ශ්‍රී ලංකාවේ හමුදාවට පසුබසින්න වුණා. LTTE ප්‍රහාර හමුවේ සහ ස්ථාන රැසක බලය ගිලිහුණා. වරාය සහ ගුවන්තොටුපොළ හමුවේ එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ සහ ගුවන් යානා පැමිණීම නතර වුණා. ආර්ථිකය වසා දැමීමමකට මුලපුරමින් අපිට තිබුණේ. LTTEසමග සටන්විරාමයකට එළැඹීමේ විකල්පය පමණයි තිබුණේ. අගමැති වුණාට පසු මම වහාම නවදිල්ලිය බලා පිටත් වුණා” ලෙස පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...