බැංකොක් නුවර පැවති “3 වැනි ජාත්‍යන්තර තායි සේද විලාසිතා සතිය” අතරතුර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කෙරේ

Date:

බැංකොක් හි සියම් පැරගන් හි පිහිටි රාජකීය පැරගන් ශාලාවේ පැවති “3 වැනි ජාත්‍යන්තර තායි සේද විලාසිතා සතිය” සඳහා සහභාගී වූ බුද්ධි බැටික්ස් හි නිර්මාණ අධ්‍යක්ෂ දර්ශි කීර්තිසේන මහත්මියගේ සහභාගීත්වය බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන ලදී. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා දායකත්වය සැපයූ අනුග්‍රාහකයන් අතරින් එක්  අනුග්‍රාහකයකු වේ. 

තායිලන්තයේ විශාලතම විලාසිතා උළෙල වන “3 වැනි ජාත්‍යන්තර තායි සේද විලාසිතා සතිය”, මව් රැජින වන සිරිකිත් මැතිනියගේ 90 වැනි ජන්ම දිනය නිමිත්තෙන් තායිලන්තයේ නිත්‍ය ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ තායි සංස්කෘතික හා ප්‍රවර්ධන සංගමයේ  සම සත්කාරකත්වයෙන් සංවිධානය කරන ලදී.

විලාසිතා දැක්ම ආරම්භ කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මහාචාර්ය විසානු කෘවාන්ගම් මැතිතුමා, සිරිකිත් මව් රැජින සුවිශේෂී උරුමයක් ලෙස සලකන තායි සේද ඇතුළත් තායි සේද විලාසිතා දැක්ම ඔස්සේ හරස් සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කිරීමට සහ අනෙකුත් රටවල් සමඟ බහුපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමට අවස්ථාවක් උදා වන බව අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මැතිතුමා සහ එතුමාගේ රජය විශ්වාස කරන බව සඳහන් කළේ ය. 

රටවල් 60 ක විලාසිතා නිර්මාණකරුවන් තායි සේදවලින් සාදන ලද සාම්ප්‍රදායික සහ සමකාලීන ඇඳුම් මෙම විලාසිතා දැක්ම අතරතුර ප්‍රදර්ශනය කළ අතර එය “Fashion TV” නාලිකාව ඔස්සේ සජීවීව විකාශනය කෙරිණි.  ජිමී චූ, රොකෝ බැරෝකෝ සහ ඩන්හා කිම් වැනි කීර්තිමත් විලාසිතා නිර්මාණ ශිල්පීහු මෙම අවස්ථාවට සහභාගී වූ පිරිසට ඇතුළත් වූහ. ඔවුන්ගෙන් ඇතැම් දෙනෙකු විනිශ්චය මණ්ඩලයට එක් වූ අතර,  විලාසිතා ක්ෂේත්‍රය පිළිබඳව හදාරන සිසුන් සමඟ ද සිය අදහස් හුවමාරු කර ගත්හ.

 “3 වැනි ජාත්‍යන්තර තායි සේද විලාසිතා සතිය” සංවිධානය කළ සංවිධායක කමිටුවට බැංකොක් හි පිහිටි දූත මණ්ඩලවල ප්‍රධානීන්, ඔවුන්ගේ භාර්යාවන්/ස්වාමිපුරුෂයන් සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති චාමින්දා කොළොන්නේ මැතිනියගේ ස්වාමි පුරුෂයා වන ස්ටීවන් සේනානායක මහතා ඇතුළත් විය.

රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන්, දේශීය හා විදේශීය මාධ්‍ය, ජාත්‍යන්තර නිර්මාණ ආයතන, සුඛෝපභෝගී සන්නාමවල නියෝජිතයන්, විලාසිතා නිර්මාණකරුවන්, වෙළඳුන් සහ සංචාරක නියෝජිතයන් ඇතුළුව අවම වශයෙන් නරඹන්නන් 10,000 ක පමණ පිරිසක් මෙම අවස්ථාව සඳහා දෛනිකව සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 දෙසැම්බර් 28 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...