*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ගෙරල්ට්ගේ අසිපත හෙන්රි කැවිල් බිම දැමුවා ද, නැතිනම් ‘පිරිමිකම’ පෙන්නන්න ගිහිං කෙළව ගත්තා ද?

සුපිරි හොලිවුඩ් රංගන ශිල්පී හෙන්රි කැවිල් අති ජනප්‍රිය මායා කාතාමාලාවක් වන ද විචර් (The Witcher) හි ගෙරල්ට් සහ ඩීසී එක්ස්ටෙන්ඩඩ් යුනිවර්ස් (DC Extended Universe) හි චිත්‍රපට මාලාවේ සුපර්මෑන් (Superman) යන චරිත හැර දමා ගිය පුවත වාර්තා වූයේ ඉකුත් ඔක්තෝබර් මස ය. ඔහුගේ නික්ම යාම හෙන්රි කැවිල් රසිකයන් මවිතයට හා ශෝකාකූල කරවන්නට සමත් වූ බව නොරහසකි.

හෙන්රි ගේ නික්ම යාම රසිකයන් බොහෝ දෙනෙකුට කම්පනය දනවන පුවතක් වූ අතර, ඔහු එලෙස මෙම චරිත දෙකට රංගනයෙන් දායක වීම නවතා දැමුවේ ඇයි ද යන්න බොහෝ දෙනෙකු නිවැරදිව දැන සිටියේ නැත. නිවැරදි තොරතුරක් වාර්තා නොවන්නේ කොතැනද, එතැන කටකතා නිර්මාණය වීම නවතාලිය නොහැක. හෙන්රි ගේ නික්ම යාම සම්බන්ධයෙන් ද කටකතා රාශියක් නිර්මාණය විය.

Photo: Susie Allnutt / Netflix

ටයිම්ස් නව් (Times Now) පුවත්පත වාර්තා කරන අන්දමට, හෙන්රි ද විචර් කතාමාලාව හැර දමා යාමට හේතුවී තිබෙන්නේ, ඔහුගේ රංගනයට අදාළ ගිවිසුම්ගත වීමේ තිබූ ගැටළුවක් හේතුවෙනි. ද විචර් හි ගෙරල්ට් නම් විචර්වරයා ගේ චරිතයට රංගනයෙන් දායක වීම සඳහා හෙන්රි ද විචර් කතාමාලාව තිරගත වන නෙට්ෆ්ලික්ස් (Netflix) නාලිකාව සමඟ ගිවිසුම්ගත වී ඇත්තේ කෙටිකාලීන පදනම මත බවත්, මෙම කතාමාලාවේ සීසන් තුනකට පමණක් ඔහු ගිවිසුම්ගත වී ඇති බවත් එම පුවත් සේවය අනාවරණය කරයි. මේ වන විට ද විචර් සීසන් දෙකක් විකාශය වී අවසන් අතර, එළඹෙන වසරේ එහි තුන්වන සීසන් එක විකාශය වීමට නියමිත ය.

ඒ අනුව, ද විචර් හි සිව්වන සීසන් එකේ සිට ද විචර් රසිකයන්ට ගෙරල්ට් ඔෆ් රිවියා නම් විචර්වරයා ලෙස දකින්නට ලැබෙන්නේ හෙන්රි කැවිල් නොවන බවයි එම පුවත් සේවය වාර්තා කරන්නේ. ද විචර් කතාමාලාවේ තුන්වන සීසන් එකෙන් අනතුරුව එහි රංගනයෙන් නික්ම යාමට හෙන්රි තීරණය කර ඇති බවත්, මෙම නික්ම යාමට ඔහුගේ ගිවිසුමේ ගැටළුවට අමතරව, නිශ්පාදන න්‍යායපත්‍රවල ඇති සංකූලතා සහ රූගත කිරීම් සඳහා විදෙස්ගත වීමට සිදුවීම ආදී කරුණු බලපා ඇති බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

එසේ නම් ගෙරල්ට් ගේ චරිතයට සිව්වන සීසන් එකේ සිට රංගනයෙන් දායක වන්නේ කවුද?

Photo: Jon Kopaloff/Getty Images | Everett Collection

වැරයිටි (Variety) සඟරාව වාර්තා කරන අන්දමට, ද විචර් කතාමාලාවේ ගෙරල්ට් ගේ අසිපත මීළඟට එසවීමට නියමිත ලියම් හෙම්ස්වර්ත් ය. ලියම් ව බොහෝ දෙනෙකු හඳුනන්නේ ද හංගර් ගේම්ස් (The Hunger Games) හි ගේල් හෝතෝර්න්, සහ සුපිරි හොලිවුඩ් රංගන ශිල්පී ක්‍රිස් හෙම්ස්වර්ත් ගේ බාල සොයුරු ලෙස ය. ගෙරල්ට් ගේ චරිතය නිරූපණය කිරීම ද විචර් රසිකයන් කුමන අන්දමින් අවශෝෂණය කර ගනී ද යන්න බරපතල ගැටළුවක්ව පවතින්නේ, ද විචර් කතාමාලාවට පෙම් බඳින රසිකයන් අතර අතිබහුතරයක් එලෙස පෙම් බඳින්නේ හෙන්රි කැවිල් ගේ නියෝජනයට වීම නිසාවෙනි.

ගෙරල්ට්ගේ අසිපත හෙන්රි බිම දැමුවා ද, නැතිනම් ‘පිරිමිකම’ පෙන්නන්න ගිහිං කෙළව ගත්තා ද?

කෙසේවෙතත්, හෙන්රි ද විචර් කතාමාලාවෙන් නික්ම යාම පසුපස ඇති ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් ද සමාජ මාධ්‍යවල මේ වන විට සංසරණය වෙමින් පවතී. ඉන් ප්‍රධාන කරුණක් නම්, හෙන්රි ද විචර් කතාමාලාවෙන් නික්ම ගියා නොව එළවා දැමූ බවට පවතින කටකතාවයි. හෙන්රි රූගත කිරීම් අතරතුර දැක්වූයේ යැයි කියන හැසිරීම මීට හේතුව ලෙස වාර්තා වේ. හෙන්රි කැවිල් පෞද්ගලික ජීවිතයේ වීඩියෝ ක්‍රීඩා පිස්සකු බව හෙන්රි කැවිල් රසිකයන් හොඳින්ම දන්නා කරුණකි. හෙන්රි ගේ ද විචර් ප්‍රේමය ආරම්භ වන්නේ ද ද විචර් විඩියෝ ක්‍රීඩාවේ නිරත වීමෙනි. ද විචර් රූගත කිරීම් අතරතුර ඔහු විසකුරු (toxic), සහ තමා වීඩියෝ ක්‍රීඩාවල නිරතවන බැවින් විෂයය පිළිබඳ හොඳින් දන්නා පිරිමියකු බව හැඟවෙන අන්දමේ චර්යාවක් දක්වා ඇති බවත්, මෙම හැසිරීම නිසා රූගත කණ්ඩායමේ කාන්තාවන්ට ඔහු සමඟ වැඩ කිරීම බොහෝ අපහසු වී ඇති බවත් එලෙස සංසරණයවන කටකතා අතර සඳහන්. ඒ අනුව, ඔහු ද විචර් කතාමාලාවෙන් ඉවත්කර දැමීමට නිශ්පාදකයන් කටයුතු කර ඇති බව එම කටකතා අතර වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේවෙතත්, හෙන්රි මෙම චෝදනාවලට තවමත් පිළිතුරක් ලබා දී නොමැති බවයි වාර්තා වෙන්නේ.

ඉසුරු පරාක්‍රම

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan