නෙත්මිටත් වෙට්ටුවක් වැටෙන ලෙස ක්‍රීඩා පහකට තහනම

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

ක්‍රීඩා අමාත්‍යවරයා අවිධිමත් ලෙස පැවති ක්‍රීඩා සංගම් පහක් තාවකාලිකව අත්හිටුවා එහි බලය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත පැවරීමට තීරණය කර ඇත.පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩාව ක්‍රිකට් ලෙස සළකා එය වෙනුවෙන් පිටතත් පාර්ලිමේන්තුවේත් විවිධ සංවාද විවාද යද්දී මේ ක්‍රිඩා පහම අර්බූද සහිතව පැවතියේය.එහෙත් එම සංගම්වල ගැටළු විසදීමට සාකච්ඡා කිරීම,නිලවරණ පැවත්වීමට කටයුතු කිරීම ආදියා සිඳු නොවුණු අතර මේ විසුරුවා හැරීමත් සමඟ ක්‍රීඩා අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ හිස් සේ පැවති එම පරිපාලන තනතුරු වහාම විධිමත් නිලවරණයක් මඟින් පියවා දැමීමට කටයුුතු කිරීමය.


මෙහිදී වසරකට ආසන්න කාලයක් නිසි පරිපාලන ක්‍රමවේදයක්,වගකිවයුතු පුද්ගලයන් තනතුරු නොදැරීමත් ආදී කරුණු පදනම් කරගෙන මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවති බර්මමින්හැම් හී සිටම අවස්ථා කිහිපයකදී විදේශයන් හී දී මල්ලව පොර ක්‍රිඩක ක්‍රීඩිකාවන් අතුරුදහන්වීම ආදී චෝදනාවලට ලක් වෙමින්,ජාතික ඔලිමිපික් කමිටුවේ නිලධාරීන්ගේ නම් ද ඈදෙමින් පවතින මල්ලව පොර ක්‍රීඩාවේ පරිපාලන ගැටළුව වහාම විසඳිය යුතු බව අප මීට පෙර ද අවස්ථා කිහිපයකදීම සිහිපත් කර ඇත.පවතින තත්ත්වයන්ට සාපේක්ෂව එම ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් තහනම් විය හැකි තත්ත්වයට පත් වුවහොත් මේ වන විට යම් කිසි ආකාරයක ඔලිම්පික් නියෝජනයට අවස්ථාවක් ඇතැයි පෙන්වා තිබෙන නෙත්මි අහිංසා ට ද ඒ සඳහා අවස්ථාව උරගා බැලීමේ ජාත්‍යන්තර තරග අවස්ථා අහිමි වීමට ඉඩ ඇත.


මල්ලව පොර ක්‍රීඩාවට අමතරව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති ක්‍රීඩා අතර දුනුවීදීම,කබඩි,බ්‍රිජ් සහ රෝද සපත්තු ක්‍රීඩාවන්ට අදාළ ජාතික සංගම් ද අයත් වේ.මේවා ඉක්මණින් සක්‍රීය කර නිලවරණ පැවත්වීම ඉදිරියේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ යුතුකම සහ වගකීම වන අතර විශේෂයෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඥාතීන් ද නිලතල දරා ඇති ඉතිහාසයක් හිමි මල්ලව පොර ක්‍රීඩාවේ නිලවරණය පැවත්වීම යුහුසුළු කර කලෙකට පසුව එම ඉසව්වේ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන නෙත්මි අහිංසා ක්‍රීඩිකාව වෙනුවෙන් ඉදිරි සුදුසුකම් තරග සහ ජාත්‍යන්තර පුහුණු සැසී පමාවකින් තොරව සිඳු වන්නට අවශ්‍යය පසුබිම සැකසීම ප්‍රමුඛ වේ.


අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...