*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

කඳුකර ජනතාවට ගෞරවයක් ලෙස ඉන්දියාවේ මුද්‍රිත ප්‍රථම මුද්දරය සෙන්තිල් තොණ්ඩමන් වෙත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීමත් සමඟ, ඔවුන් තම අයිතීන් දිනා ගැනීමටත් ගෞරවනීය ජීවිතයක් ගත කිරීමටත් විවිධ අරගල හා කැපකිරීම් කර ඇත.


එහිදී, අප රටේ කඳුකර ජනතාවට පිළිගැනීමක් ලැබීම වර්තමානය තුළ විශාල අවශ්‍යතාවක් ලෙස දැකිය හැක.

එයට සහයෝගයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපදෙස් මත සහ තමිල්නාඩු භාරතීය ජනතා පක්ෂයේ සභාපති කේ. අන්නාමලෙයිගේ මගපෙන්වීම මත, මෙරට කඳුකර ජනතාවට සහ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවට ගෞරවයක් වශයෙන් ඉන්දීය තැපැල් අමාත්‍යාංශය හරහා මුද්දරයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

දෙසැම්බර් මස 30 වැනිදා නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත මෙම උත්සවයේදී භාරතීය ජනතා පක්ෂයේ ජාතික නායක ගරු ජේ.පී.නාඩා මහතා විසින් පළමු මුද්දරය නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්තිල් තොණ්ඩමන් මහතා වෙත පිරිනැමීමට නියමිතය.

ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ ජාතිකයන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීම සම්බන්ධ ලිපි ලේඛන සහ ලිපිගොනු සිය ගණනක් සමාලෝචනය කර ඇති අතර, සුදුසු ඓතිහාසික සලකුණු සහිතව මෙම මුද්දරය නිකුත් කිරීමට ඉන්දීය තැපැල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ ආකාරයෙන්, ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ දෙමළ ජනයාගේ ඉතිහාසය ඉන්දියානුවන්ට පහසුවෙන් පැහැදිලි කළ හැකි වනු ඇත.

මෙම ඓතිහාසික මුද්දරය ලබන 30 වැනිදා සිට ලොව විශාලතම තැපැල් ජාලය හිමි ඉන්දියාවේ තැපැල් කාර්යාල 155,015කට අධික සංඛ්‍යාවකින් ලබාගත හැකිය.

ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින් 32,285,425 කට වැඩි පිරිසක් ඉන්දියාවෙන් සංක්‍රමණය වී පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ භූතානය ඇතුළු රටවල් 210 කට වැඩි ගණනක ජීවත් වෙති.

නමුත් වසර 200ක් පුරා ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් හට අනෙකුත් රටවල ජනතාවට නොලැබෙන පිළිගැනීමක් අපේ ජනතාවට ලබාදීම මුලු මහත් ශ්‍රී ලාංකික ජනතාවට කරනා ගෞරවයක් ලෙස සැලකිය හැක.

උපකාරය, යුතුකම සහ වගකීම යන සංකල්පවලින් ඔබ්බට, අප අපගේ ජනතාවට ගෞරව කර ඔවුන්ට පිළිගැනීමක් ලබා දිය යුතුය.

තවද, ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව සඳහා මුද්දරයක් නිකුත් කිරීම දෙරට අතර මිත්‍රත්වය ප්‍රකාශ කිරීම පමණක් නොව, ශ්‍රී ලංකාව කඳුකර ජනතාවගේ ගෞරවයට පාත්‍ර වනු ඇත.

එවැනි අවස්ථාවක කඳුකර ජනතාව වෙත ප්‍රථම මුද්දරය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ගරු සෙන්තිල් තොණ්ඩමන් මහතා අතට පිරිනැමීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan