*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

”සෞඛ්‍ය පද්ධතිය ඛේදවාචකයක් කළේ කෙහෙළිය” – කෙහෙළියගේ පිරුවට රාජිත ගලවා දමයි!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වමින් රටේ සෞඛ්‍ය පද්ධතිය ඛේදවාචකයක් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එම වරදින් ගැලවිය නොහැකි අතර එම සියල්ලට ඔහු වගකිව යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

ඒ, අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තමන් සෞඛ්‍ය අමාත්‍යධූරය දරන සමයේ හොඳින් වැඩ කළ නිලධාරීන් දැන් දූෂිත වන්නේ ඇමතිවරයාගේ පවතින දුෂණ තත්ත්වය නිසා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සෞඛ්‍ය පද්ධතිය ඛේදවාචකයක් කළ මෙම ඇමතිවරයා ගෙදර යැවිය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

”රටේ සෞඛ්‍ය පද්ධතියක හොද හෝ නරක දරන්න ඕන අමාත්‍යවරයා. සෞඛ්‍ය පද්ධතිය දුෂිත ගංගාවක් කළා නම් ඒකට වගකියන්න ඕනේ අමාත්‍යවරයා. මේ නිලධාරීන් මගේ කාළේ හොදට වැඩ කළා නම් අද කොහොමද එහෙම වෙන්නේ. අමාත්‍යවරයා දූෂිත නම් නිලධාරීනුත් එහෙම වෙනවා. ඇයි අමාත්‍යවරයා අධිකරණයට නිකුත් වෙච්ච දේවල්වලට ප්‍රවෘත්ති සාකච්ජා තියන්නේ. විනිසුරුම කියනවා අමාත්‍යවරයා හදිසි වෙන්නෙත් ගැටලුවක් තියෙන නිසා කියල.ඊයේ ඖෂධ සමාගම නියෝජිතයා කියනවා ඖෂධ නියාමන අධිකාරියේ CEO සමග කරපුවා. අමාත්‍යවරයාගේ ගෙදරට සල්ලි අරන් ගිය විදිහ. මම මාස දෙකකට කලින් අමාත්‍යාංශ ලේකම්වරයාට කිව්වා ඔහොම කලොත් හිරේ යන්න වෙනවා කියලා අද එහෙම වෙලා තියෙනවා. අපි ඇමතිට බය නැතිව බෙහෙත් ගෙන්වන්න ක්‍රමයක් හැදුවා. ඒක අමාත්‍යවරයා කඩා බිද දැම්මා. ඖෂධ නියාමන අධිකාරියේ හිටපු හොද නිලධාරීන් ඉවත්කළා. මේක දේශපාලන ස්ථානයක් කළා. ඇමති කිව්වාම CEO ඒක පාස් කරනවා. ලේ බැංකුවට ඇල්බියුමින් දෙන්න කියලා ලියුම් ගහලා නොසන්ඩාල වැඩ කළා.
කී දෙනෙක් මිය ගියාද කී දෙනෙක් අන්ධ වුණාද. මේ සියල්ලට අමාත්‍යවරයා වගකියන්න ඕන. මේ වගේ ඛේදවාචකයක් කරපු අමාත්‍යවරයා ගෙදර යවන්න ඕන. කීදෙනෙක් කරුණු ඇතිව කිව්වද. මේ වෙද්දී ඖෂධ 253 හිගයි. ලබන මාසේ 365 හිගයි. හැම රෝහලකම ඉන්ජෙක්ෂන් කට්ටත් මිනිසුන්ට ගේන්න කියනවා. මේ ආණ්ඩුවටත් කැබිනට් එකටත් සෞඛ්‍ය ගැන අදහසක් නෑ. ඊළඟ මැතිවරණයේදී මේවාට උත්තර ලැබේවී.මීට කලිනුත් වෛද්‍ය විද්‍යාව දන්නේ නැති අමාත්‍යවරුන් හිටියා. ඔවුන් ඒක කළා. මනෝජ් ගමගේ මේ නඩුවේ වගඋත්තරකරුවෙක්. ඔහුටත් ගැලවෙන්න බෑ.එක් වග උත්තරකරුවෙත් තව වග උත්තරකරුවෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා. එක පැත්තකින් මේක මේක ලැබැදියාවන් අතර ප්‍රශ්නයක්.’
‘යනුවෙන් සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan