*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ඔලිම්පික් කියන්නෙ රටක් නොවේ – ලෝකයක්

අප ජීවත්වෙන්නේ 2019 මහජන වරමින් පත් වූ ජනාධිපතිවරයාගේ නායකත්වය භෞතිකව නොලැබුණ ද,ඒ බලයේ දිගුවකය.අප ඒ බලය සහතික වූ තැන රටේ නායකයා ලෙස හැට නව ලක්ෂයක ජන වරම බලයට පත් ජනාධිපතිවරයා ලඝු කළේ සිංහල බෞද්ධ ජන වරමක් හැටියටය.ඒ ගෝත්‍රයේ ජයග්‍රහණය පිණිස වැඩ කරන්නට පත් ජනාධිපතිවරයා හැටියට අනෙකුත් ජාතීන් ආගම් ද්විතියික කොට තකන බව වක්‍රව සහතික කර ජනාධිපතිවරයා මේ රටේ ලාංකේය ප්‍රජාවට අවශ්‍යය පුළුල් නායකයා නොවන බව ලෝකයටම කීය.

ඒ ගෝත්‍රික ගමනාන්තය නිමා වෙන තැන සපුරා ඒ දෘෂ්ඨිමය බර මේ පොළවෙන් තල්ලු කරන්නට අවශ්‍යය වූ ජනමතයට එරෙහිව තැබූ බාධකය රනිල් වික්‍රමසිංහ විය.හෙතෙම ලංකාවේ දේශපාලනවිකාශය ඇතුළත හමු වූ දියුණු මිනිසා හැටියට කළේ රඟපෑමක් බව පැහැදිළි කරමින්,ජනධිපති සිහිනය සාක්ෂාත් කර ගන්නට කෙටි මඟක් සකසා ගත්තේය.ඉතිං එතැන සිට ද සිඳුවන්නේ ඒ දක්වා සිඳු වූ සිඳුවීම්වල දේ ය.

ගොඨාභය රාජපක්ෂ රජයේ ක්‍රීඩා අමාත්‍යවරයෙක් එක්තරා සාදයකදි පවසන්නේ ක්‍රීඩාව අපිට ඕනි විදිහට තියා ගන්නවා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තහනම් කළත් යනුවෙන්ය.එවිට ඔව් හැමදාම තහනම් කරලා තියා ගන්නදැයි මාධ්‍යවේදියෙක්ටත් කටට වචන ඉනුවේය.වෘත්තීය තරාතිරම කුමක් වුවත් ජාතවාදිය ආගම්වාදය වැනි කුමන හෝ ගෝත්‍රික තත්ත්වයක් යටතේ නවතින්නට වෙන්නේ රටක ක්‍රීඩාවට මිස ලෝකයක ක්‍රීඩාවට නොවන බව අප කියවාගත යුතුව ඇත.

මොකද ඔලිම්පික් යනු ලෝක නායකයෙකි.ලෝකයේ බලවත් යැයි කියන පුටින්ට හෝ නවතන්නට බැරි ඔහුගේ නායකත්වයෙන් යුත් රුසියාවේ ක්‍රීඩාවටවත් ඔලිම්පික් ඉක්මවා යන්නට ඉඩ නැත.ඇත්ත එබඳුය.සියලුම ඔලිම්පික් ක්‍රීඩාවලටත් එය නියෝජනය කරන මානව ගුණ ධර්ම සුරක්ෂිත සියලුම රාජ්‍යයන්ටත් බැදුණු ඔලිමිපික් යනු නායකත්වය දෙන්නේ සෙල්ලම්වලට නොවේය.

ක්‍රිඩාවන්ට නීතියක් තිබේ.එය පාර්ශවයකට වාසිදායක නොවන සමාන අවස්ථා සහිත එකකි.සමස්ත ජනතාවට සම අවස්ථා ඇති හැකියාව අනුව වෙනස්වන ජයග්‍රහණ සහිතය.මේ වන විට එයට ලිංගිකව සිඳුවන බලපෑම ද අවම වෙමින් ඇත.සංක්‍රාන්තික ජනයාට ද සිය සංක්‍රාන්තික තත්ත්වය විද්‍යාත්මත්කව තහවුරු කළ හැකි ප්‍රමාණයන්ට අනුව කාන්තා හෝ පිරිමි අංශවලින් තරග වැදීමට හැකිය.එය තහවුරු කරන්නේ දේශපාලනික ව්‍යහුයක් මත නොවන ලෝකයටම පොදු වූ විද්‍යාත්මක මිම්මකින්ය.

ඒ ක්‍රිඩා පවතින රාජ්‍යයන් තුළ වෙනස් කොට තැකීම නිසා ඇති වන අර්බූද දැඩි සේ මානව හිමිකම් උල්ලංඝණය කරන තත්ත්වයක පවතිනම් සහ කුමන හෝ රාජ්‍යයක දේශපාලන බලධාරීත්වය ක්‍රීඩාවේ ස්වාධීනත්වය පාලනය කරන්නට උත්සාහ කරන්නේනම් එම රටවල සාමාජිකත්වයන් පිළි ගන්නේද නැත.එහි දෙවන කාර්යය සිඳු වුව ද,මේකෙ ක්‍රීඩාව තියෙන්න ඕනි මට විදිහට කියන තරමට ලෝක සම්මතය නොසළකා හරින නායකත්වයකට හැමදාම තහනම් කරන්න ද කියා හුරේ දමන මාධ්‍යකරුවන්ද හිඟ නැත.ඉතිං අන්න ඒ පටු තැනක ලංකාවේ ක්‍රීඩාවේ දේශපාලන පුටුව තබා ගැනීම තවමත් නිමා නැත.

ලෝකයෙන් ඉගෙන නොගෙන වැඩ කර පච වි අපි මොකටද ලෝකය කියන දේ කරන්නෙ යනුවෙන් අසා අන්තිමට රටේ ක්‍රීඩා පරිපාලන ඒකකවල ව්‍යවස්ථාව ජාත්‍යන්තර හැඩේට සකස් නොකරන්නේනම් මෙරට ක්‍රීඩාව නොපිළිගන්නා බව කී අවස්ථා ඇත.එවිට චණ්ඩි කතා හකුලාගෙන වහා වහා ලෝකෙ හැඩේට වෙනස් කරපල්ලා කියා ජාතික ක්‍රීඩා පරිපාලනවල පාලන කාලයේ සිටම වෙනස් කරන්නට වූ අවස්ථා ද ඇත.

මේ තත්ත්වය ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය තවමත් කියවාගෙන නැත.ජාතික ඔලිම්පික් කමිටුව හරහා ජාත්‍යන්තර නීතිය,සම්ප්‍රදාය වැනි කරුණුවලින් දැනුවත් පිරිසක් ක්‍රීඩා අමාත්‍යංශයේ සිටිය යුතු වුවත්,අපි මොනව ඉගෙන ගන්නද ඔලිම්පික් එකෙන් ඇමතිතුමා කියන විදිහට ඔලිම්පික් එක ඉන්න ඕනි කියා සිතා වැඩ කරන අමාත්‍යංශ සේවක මණ්ඩලයක්ද හැම ඇමති කෙනෙක්ටම නිරන්තරයෙන් හිමි විම හිසටම ඔබින ආකාරයේ තොප්පිය මැවීමක් ය.

මේ තොප්පිය හැමෝටම නුහුරු එකක් නොවේය.ඒත් ඒ තොප්පිය කුමන පැත්තක සිට දකින්නේද ඒ පැත්ත අනුව තොප්පියේ හැඩේ වෙනස් වන්නේ ද යන්න වෙනම සිතිය යුතුය.මේ ඔලිම්පික් ලෝකයක් කියන්න මතු කළ හැකි එක් සාධකයක් සම්බන්ධයෙන් සංවේදී විය හැකි කතාවක්ය.

ගෝත්‍රික යුද්ධ පවතින මානව හිමිකම් නොතකා ඇති ම්ලේච්ඡ සංස්කෘතීන් නෙරපා හැරියත්,ඒ පොළව මත සිටින සුවිශේෂී ශක්තීන් සහ හැකියාවන් සහිත මානව සිරුරු අත නොහැර ලෝකයේම දක්ෂයන්ට බිමක් සමඟ නමක් එකතු කිරීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සිහිනය ය.ඒ ඔස්සේ ලෝකය පිළි නොගන්නා සහ ජීවත්වීමට අපහසු නිසා භූමිය අත් හැරපු මිනිසුන් වෙනුවෙන් අවකැන් කඳවුරු 13 ක් රටවල් 10 ආශ්‍රිතව ඔලිම්පික් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අවතැන් වූවන්ගේ වැඩ සටහන යටතේ ක්‍රියාත්මකය.

මේ හරහා එක් කරගෙන සිටි 44දෙනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ස්වීය ක්‍රීඩා ජීවිතය පවත්වාගෙන යති.ඒ අතරින් එළැඹෙණ ඔලිම්පික් උළෙලේ දී තමන්ට රැකවරණය දෙන රට නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලැබීමට තරග කරන්නට සූදානම් සිටින්නෝ ද සිටිති.2024 වන විට වෙනම අවතැන් කණ්ඩායම සේ පැරිස් ඔලිම්පික් උළෙලට රටවල් 12 ක 52 ක කණ්ඩායමක් එකතුවීමට ද නියමිතය.රටවල් දොළහක් යනු සරණාගත භාවය උරුම කරගත් රටවල් වන අතර ඔවුන් වෙනුවෙන් පහසුකම් සැයීමට රටවල් 18 ක් එක් ව ඇත.

මෙම අවතැන් වූවන්ගේ ක්‍රීඩා දස්කම්වලට ඔලිම්පික් ඉඩ සැකසුණේ පළමු වරට 2016 දී ය.එවර දහ දෙනෙක් සහභාගි විය.එවර දකුණු සුඬානය,ඉතියෝපියාව,කොංගෝව සහ සිරියාව වැනි රටවල අවතැන් වූවන්ට කෙන්යාව,ලක්ෂම්බර්ග්,බ්‍රසීලය,බෙල්ජියම සහ ජර්මණිය සත්කාරකත්වය දැරීය.

මේ මානවීය ගුණාංගය 2020 වන විට තව දුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තරය අවනත කරගත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සිය අවතැන් වූවන් සම්බන්ධ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවර කළ දොර සුඬානය,එරිත්‍රියාව,වෙනිසුවේලාව,කැමරුන්,ඉරානය,ඇෆ්ගනිස්තානය වැනිරටවල අවතැන් වූවන්ටත් ඔලිම්පික් දෙර ඇරෙන සේ විවර කර දුන්නේය.

ඒ වෙනුවෙන් පහසුකම් සපයන්න,ඊශ්‍රායලය,ප්‍රංශය,නෙදර්ලන්තය,ට්‍රිනිටෑඩ් සහ ටුබැගෝ,ස්ව්ට්සර්ලන්තය,කැනඩාව,රුසියාව,එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රියාව වැනි රටවල් ද එකතු වී සිටියේය.2024 වන විට මෙය තව දුරටත් ඉදිරියට යනු ඇත්තේ මිනිසුන්ගේ හැකියාව සම්බන්ධ කතාන්දරය වෙනුවෙන් ලෝකය එක යායක් විය යුතු බව තහවුරු කරමින්ය. එසේම එයට ලෝකයක් එකඟ කරවා ගැනීමේ හැකියාවේ තව පුළුල් පියවර ගණනාවක් තබමින්ය.

මේ ක්‍රියාවලිය ඇගයීමට ඔස්ට්‍රියාවේ ක්‍රීඩා සඳහා පිරිනමනු ලබන ඉහළම සම්මානය වන Princess of Asturias සම්මානය මෙවර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සරණාගතයින් සම්බන්ධ වැඩ සටහනට හිමි විය.එම සම්මානය ලබන්නට සරණාගත ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකයින් වන එල්ඩ්‍රික් සෙලා (බොක්සිං) සහ මසෝමා අලි සාඩා (පාපැදි) යන 2020 ඔලිමිපික් උළෙලට ඒම කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකකයින් ද රැගෙන යන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් අමතක නොකළේය.



මෙවර කැනඩාවේ ටොරොන්ටෝ චිත්‍රපට උළෙලේ ආරම්භක සිනමා පටය වූයේ ද ස්වීමර්ස් ය.( The Swimmers) එය පළමු සරණාගත ක්‍රීඩා කණ්ඩායමට අයත් වූ යුස්රා මර්ඩිනි සම්බන්ධයෙන් සැකසි චිත්‍රපටයක් ය. එය යොරොන්ටෝ මෙන්ම සූරිච් චිත්‍රපට උළෙලද නියෝජනය කළ අතර එහිදී ද උළෙළ ඇරඹුණේ එම චිත්‍රපටයෙන්ය.


යුද්ධයෙන් විනාශ වූ සිරියාවේ සිට ජීවිතයේ හුස්ම පොද රැක ගන්නට ගිලෙන ඩිංගි යුරෝපයට පළා යන ඇයගේ ජීවිතය හුස්ම වැටෙන බලාපොරොත්තු සපිරි වගකීමක් වටිනාකමක් ඇති ජීවිතයක් බවට පත් වන්නේ ක්‍රීඩාව හරහා ය.ද ස්විමිර්ස් හරහා ප්‍රකාශනය වෙන මේ රූපමය සත්කාරය අද හොලිවුඩ් තිරවල ට ආදරය දිහිය ආදර්ශ කොට ඇලවුණ චළන රූප පද්ධතියක් වි ඇත.
මර්ඩිනි 2012 සිරියාව නියෝජනය කළ ක්‍රිඩිකාවකි.ඒ ලෝක පිහිණුම් සූතරවලිය වෙනුවෙන්ය.නමුත් ඩමස්කස් නුවර ගිණි ගැනීමෙන් ඇති කළ බිය ඇයටත් ඇගේ සොහොයුරිය සාරා ටත් ඇති කළ තරම කෙතරම් ද යන්නේ නම් ඔවුන් මහා රළ කඳ සමඟ වන ඩිංගි බෝට්ටුවකට තමන්ගේ ජීවිත බේරා ගැනීම භාර කළේය.
ඇයගේ සොහොයුරිය අද කියන්නේ සරණාගත වීමෙන් තමන්ගේ ඉලක්කවලට යන්නට නොහැකි වන අන්දමේ ජීවිත නොමැති බවත්,ඒ සඳහා යන්නට මාර්ග සහිත ලෝකයක් තිබෙන බවත් සිය නැඟණිය ලෝකයට ඔප්පු කර ඇති බවය.ඒ විසල් මනුස්ස ලෝකය හොයන්නේ හැකියාවය.ආගම,ජාතිය කුලය නොවන,මිනිස්සුන්ගේ ස්වාධීනත්වය සහ පෞරශ්‍යයට ආදරය කරන ඔලිම්පික් ලෝකයක් නිර්මාණය කරන්නට මහන්සි වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අද වන විට දේශපාලන අරුතෙන් ගත් විට නව දේශපාලන න්‍යාය පත්‍රයක් හරහා ලෝකයේ ශක්තීන්වල ආලෝකය විහිඳුවමින් සිටින්නේය.එහි අපූර්වත්වය සහ බලයේ ම්ලේච්ඡත්වය අතර ගැටුමේ දී නිර්භිතව ඒ වෙනුවෙන් සිට ගන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පසුබාන්නේ නැත.රුසියාවට එරෙහිව ඔවුන් යුක්රේනයට මානුෂීය ආධාර ලබා දෙන්නට එළිපිටම ඉදිරිපත් වන්නේ එබැවින්ය.
හැකියාව සහ කැපවීම විනා ජයග්‍රහණයට වෙනත් දේ අදාළ නැත.වඩාත්ම දක්ෂයා තේරීම සඳහා කරන තරගයට මේ ලෝකයට බිහි වූ සෑම පුරවැසියෙක්ටම ඇති ඉඩ පුළුල් කිරීම ඔවුන්ගේ අරමුණය. ආරක්ෂාව, ඔරොත්තු දීමේ හැකියාව සහ පරිවර්තනය සඳහා වන ක්‍රීඩාවේ වැදගත්කම පදනම් කරගෙන ඔවුන් මේ වන විට බංගලාදේශයේ කුරිග්‍රම් දිස්ත්‍රික්කය සහ ඩකා මුඩුක්කු ආශ්‍රිතව ද යම් ආකාරයක අවතැන් කඳවුරක් ස්ථාපිත කර ඇත.
ජලය සහ ආහාර ලබා ගැනීමට සහ එහි යටිතල පහසුකම්වලට විනාශකාරී බලපෑම් ඇති දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය හැකි රටක් වන බංගලාදේශය ට ක්‍රීඩාව උඵකාරී වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පරිකල්පනය සුවිශේෂි එකකි.ජීවිතය ක්‍රීඩාවට වැදගත්ම වන තැන ගැන ජයග්‍රහණයට වඩා පුළුල් සේ දකින එම දැක්ම ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙන්ම සමාජීය යහපත වෙනුවෙන් කළ හැකි මෙහෙවර වෙනුවට ක්‍රීඩාවේ දේශපාලන පරිපාලනයට අවශ්‍යයව ඇත්තේ සිය සපත්තුවට පෑඟී තිබෙන ක්‍රීඩාවක්ය.නැතිනම් සිය සිහසුන පාමුල දනින් වැටෙන ක්‍රීඩාවක් ය.ඒ මානසිකත්වය වෙනුවට සමාජීය මනෝභාවයන් පොදු සහ සමාන අරුතකින් සෑම මිනිසෙක් දෙසම බලන්නට අගයන්නට හැකි තැනකට ගෙන ඒමට අවශ්‍යය පරිසරය සැකසීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තීරණය ය.
මෙහි තවත් පැත්තකින් මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විද්‍යාවට වැඩි බරක් දෙන්නට ක්‍රීඩාව මෙහෙයවමින් සිටියි.මිත්‍යාවට එරෙහිව මිනිස් ශරීරය විද්‍යාත්මකව කියවා ගැනීම මෙහි අරුතය.ලිංගිකව බෙදා අපහාස කිරීමේ අමානුෂික චින්තනයට වැට බඳින්නට වඩාත් වැදගත් විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා ජෛව විද්‍යාත්මක නිගමණවලට එකඟ වෙන්නට ක්‍රීඩා ලෝකය පෙළ ගස්වමින් සිටියි.විශේෂයෙන්ම සංක්‍රාන්තික පුද්ගලයන් සඳහා වන පිළිගැනීම ක්‍රීඩාව ඇතුළත සනාත කිරීමට ඔවුන් ගෙන ඇති තීරණය ජෛව විද්‍යාත්මක පදනමකින් පෝෂණය කර ඇත.ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට නවසීලන්තය නියෝජනය කරමින් කාන්තා බර එසැවීම සඳහා ඉදිරිපත් වූ ලෝරල් හබර්ඩ් සංක්‍රාන්තික ක්‍රීඩිකාවක් විය.එය අලුත් ප්‍රවේශයක්ය.සෑම පුද්ලයෙකුගේම සමාජීය මනෝභාවය සමඟ දැවටිය යුතු විශ්වාසය,සහ පෞරුෂය ඇතුළත් කිරීමේ පුළුල් දර්ශනයක් මේ සමඟ ඇත.
එවන් දැක්මකින් සහ අරුතකින් පොහොසත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ශ්‍රී ලංකාවේ නියෝජනය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවය.එයට පයින් ගසා අපි කියන විදිහට හිටපං කියා කියන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉඩක් දෙන්නේ නැත.ඒ නිසා ඇති සාධනීය විවේචන සියල්ල ගොඩ ගැසිය යුත්තේ ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ඒකට එක දීලා ඉදපන් කියන පොරත්වය සහ මමත්වය ඇතුළේ නොවේය.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රතිපත්ති සහ අභිලාශයන්ට අනුවය.ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශය ඔලිම්පික් කමිටුවට අපේ පය පාමුලට වරෙල්ලා අපියි ලොක්කෝ කියා සිටගැනීමෙන් පලක් නැත.එය ජාත්‍යන්තර ශරීරයක්ය.ක්‍රීඩා අමාත්‍යංශය ජාත්‍යන්තරයට සම්බන්ධ වී ඇත්තේ ඔලිම්පික් කමිටුව පමණක් නොව රටේ ඇති ක්‍රීඩා සංගම් ද ජාත්‍යන්තර නියෝජනයන් වීම නිසාය.
මේ ඇත්ත සමඟ ගැටෙන කොට දාම් අදිනවා වගේ තමන්ට අවාසි අවස්ථාවල දාම් පෙත පෙරළා තමන්ට වාසි වන විදිහට ඉත්තන් තබා ගන්න නොහැකිය.රටකට ගරු කරන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව බැදී සිටින අතර ඒ නිසා රටක අධිකරණ පද්ධතියක තීරණයක් සමඟ ඔවුන්ගේ එකඟතා අමාත්‍ය අභිමතය පරිදි යන කාරණයට වඩා වැදගත් වනු ඇත.එසේම ක්‍රීඩා අමාත්‍යංශයේ ලොකු පුටුවලට ජාතික ඔලිම්පික් කමිටුවේ ඉන්න කෙනාගේ ජාතිය,ආගම හෝ වෙනත් චර්යාවක් පදනම් කරගෙන විරුද්ධ වෙන්නට සිතන්නට යනවානම් හෝ මෙයා ඊට වඩා අපට හොඳයි එයාව ගේන්න ගේමක් ගහන්න ඕනි වැනි කරුණු පදනම් කරගෙන තීරණ ගැනීම ද අවුල් සහගත තත්ත්වය වැඩි කරන්නේය.
පළමුව කළ යුත්තේ ඔලිම්පික් සම්ප්‍රදායන් සහ නවතාවයන් මෙන්ම එය අපේ රටේ වර්ථමානයට සමාජීය වශයෙන් වැදගත් මෙහෙවරකට යොදා ගන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමය.අඩුම තරමේ ක්‍රීඩා අමාත්‍යංශය එහි නිලධාරීන් අතරින් එක් අයෙකුට එක් අවස්ථාවක් සේ ජාතික ඔලිම්පික් කමිටුව හරහා ලබා දෙන ජාත්‍යන්තර වශයෙන් ඉහළ වටිනාකමක් ඇති පුහුණුවකට යොමු කරන්න හෝ සාකච්ඡා කරන බවක් පෙනෙන්නේ නැත.
සරලම උදාහරණයක් ගතහොත් ජාතික ක්‍රීඩා විද්‍යායතනයට එහි අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් එන්නේ එහි පාඨමාලාවක් ආරම්භ කරන්නට හෝ වැඩිපුරම පාඨාමාලාව අවසන් කළ අයට සහතික බෙදා දෙන්නටය.ඔවුන් සහතික බෙදා දෙන පාඨමාලාව සාර්ථකව අවසන් කළ විද්‍යාර්ථියා තමන්ට වඩා ක්‍රීඩාව ගැන දැණුමෙන් යාවත්කාලීන පුද්ගලයෙක්ය.ඒ පුද්ගලයාට අවවාද දෙන ඉනික්බිතිව ලබාගත් සිය දැණුමෙන් ඔහු යටතේ සේවය කරන්න වන අය එම නිලධාරියාට හෝ ප්‍රභූවරයාට වඩා දැණුමෙන් යාවත්කාලීනය.ඒ නිසා ඉහළ නිලධාරීන් ක්‍රීඩා පණත පෙරලනවාට වඩා ක්‍රීඩාවේ ප්‍රතිපත්ති,අභිලාෂ,සහ නීතිය සම්බන්ධ නව දැණුමෙන් යාවත්කාලීන වීමට විවිධ අවස්ථාවල ඒ මොහොතට අමාත්‍යංශයේ අවස්ථාවන්ට අනුව පාලනය කළ යුතු,ඉවත් කළ යුතු හෝ රැඟෙන ආ යුතු පුද්ගලයන් හෝ සමූහයන් වෙනුවෙන්කරන ලද සංශෝධනයන්ට අනුව නොව ලෝකයට සාපේක්ෂව වෙනස් විය යුතුය.නමුත් අඩුම තරමේ නිලධාරියෙක් ක්‍රීඩාව ඉගෙන ගන්නට සහ නව ප්‍රවනතා හඳුනා ගන්නට ජාතික ක්‍රීඩා විද්‍යායතනයටවත් එන බවක් දකින්නට නැත.
මේ තත්ත්වය නිසා ක්‍රීඩා අමාත්‍යංශය තිබෙන්නේ අලුත් වන ක්‍රීඩා ලෝකයේ නොවේය.ආකල්පමය වශයෙන් දුප්පත් තැනෙකය.එය පිළිගෙන දැන්වත් ඔලිම්පික් ලෝකය සහ ක්‍රීඩා අමාත්‍යංශයේ කොදෙව් ගත චින්තනය අතර ඇති විසල් පරතරය පියවා ගන්නට කටයුතු කළ යුතුව ඇත.වෙනස්වන මිනිස්සුන්ට වෙට්ටු දමා වට්ටන්න යාම වෙනුවට තමන් වෙනස් විය යුතු බව සළකා ඉදිරි වසරේවත් වැඩ කර නව ක්‍රීඩා පණතක් සැකසීම අත්‍යවශ්‍යය බව අපි ද විශ්වාස කරමු.එය මොහොතට තමන්ට අනවශ්‍යය බව හැඟෙන දේ ඉවත් කර හෝ තමන්ට අවශ්‍යය බව හැඟෙන දේ එකතු කර නොව ලෝකයේ නව ක්‍රීඩා අභිලාෂයන්,පුළුල් මානවීය අවකාශය මෙන්ම සංගම් සහ සම්මේලන ස්වාධීනත්වය ද සහිත වූ එකකි.ඉන් ඔබ්බෙන් වන රටේ පොදු නීතිය ඉක්මවා සහ ඊට නොගැලපෙන ආකාරයේ තත්ත්වයකදී රටේ නිති පද්ධතියේ ප්‍රතිපාදන භාවිතයට ගත හැකිය.

නමුත් ඒ පළල් බව රටේ ක්‍රීඩාවේ නැත.පොදු බව නැත.

ඉපදුණ රටේ ද වැඩි අවස්ථාවන් හිමි විය යුත්තේ කුමන ජාතියට ද,කුමන ආගමට ද,තමන් නියෝජනය කරන්නේ කුමන කාණ්ඩය ද කියා රාජ්‍ය නායකත්වයම ප්‍රකාශ කරන දේශපාලන වපසරියකට උරුමකම් කියන රාජ්‍යයකට වඩා මේ පොළවට දායාද වන මිනිසුන් අන්තගාමී සහ පසුගාමී වූ ගෝත්‍රික සංස්කෘතීන් හි ගොදුරක් නොවී රැක ගැනීමේ අවශ්‍යයතාවය සිය දෘෂ්ඨිය කරගත් ජාත්‍යන්තර ඔලිම්පික් ආයතනය සිටින්නේ දේශපාලනිකව බොහෝ ඉදිරියෙන්ය.ඒ නිසාම අද වන විට රටක ක්‍රීඩා සංගම්,සම්මේලන සම්බන්ධයෙන් ද වඩා නිදහස් පරිසරයක් තිබිය යුතු බවත් රාජ්‍ය එයට මැදිහත්වීමේ ඉඩ සීමීත විය යුතු බවත් ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල එකඟතාවයකි.

මේ තත්ත්වයට මුහුණ දෙන්නට හැකි රටක් නොව ලොවක් නියෝජනය කළ හැකි අමාත්‍යංශයක් ක්‍රීඩාව වෙනුවෙන් නිර්මාණය කරන්නට රොෂාන් රණසිංහට යම් උවමනාවක් ඇති බව වරින් වර කරන ලද ප්‍රකාශවලින් දැකිය හැකි වුවත් අවසානයේ ඔහු ද ගොහොරුවේ මඩ ටිකක් වෙනු විනා සියපතක්ව නොපිපී හැකිලී යන බවක් දැකිය හැකිය.අලුත් අවුරුද්දේ දි හෝ පිපෙන්නට උත්සාහ කරන්න යන්න අපේ ඉල්ලීමය.

ඔලිම්පික් කියන්නේ ලෝකයක්.එහිඇරි ඇති දොරවල්වලට වැසෙන්නට පයින් ගසනු වෙනුවට තව තවත් දොරවල් විවර කර ගැනීම සඳහා එයින් ඇතුල්වන්න උත්සාහ කරන්න.සුබ 2023 වසරක් ලංකාවේ ක්‍රීඩාවට අපි පතමු!

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan