ඇමති බන්දුල කිව්වෙ වරායෙ ගබඩාවල තියන සහල් ගැනද?

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කොළඹ පිටකොටුවේ සහල් තොග වෙළඳසැල්වල සංචාරයක නිරත වූ අතර එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තරම් සහල් තොග තිබෙන බවයි. කිසිදු සහල් හිගයක් නොමැති බවත් මේ නිසා සහල් මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ දැනට සහල් ආනයනකරුවන් සතු සහල් තොග බෙදාහැරීමෙන් පසු අතිරික්ත තොග සහල් ආනයනකරුවන් සතුව නොමැති බවයි.

මේ අතර ආනයනය කළ සහල් අඩංගු කන්ටේනර් 300 ක් පමණ වරායේ සිර වී ඇති අතර ඩොලර් නිකුත් නොකිරීම නිසා එම සහල් තොග නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවද ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අදාල කන්ටේනර් තුළ සහල් මෙට්‍රික් ටොන් 10,000 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...