කැබිනට් මණ්ඩලයම ෆේල් ! රටම ෆේල් වෙන එක අහන්නත් දෙයක්ද ? – විදුර වික්‍රමනායක

0
535

වත්මන් කැබිනට් මණ්ඩලය සමග රටට ඉදිරි ගමනක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. සමස්ත කැබිනට් මණ්ඩලයම අසමත් වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රටම අසමත් වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් බහුතරයකට ඔවුන්ගේ කැබිනට් විෂයයන් සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති බව පේනවා දෙන විදුර වික්‍රමනායක මහතා පවසන්නේ ඒ ඒ විෂයයන් පිළිබඳ දැනුමක්, හැඟීමක් තිබෙන පුද්ගලයන් කැබිනට් තනතුරු සඳහා පත්කළ යුතු බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here