ඇක්සිඩන්ට් වුණ පාන්ඩ්ට තවත් නරක ඉන්සිඩන්ට් එකක්?

ඉන්දීය කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් මෙන්ම කඩුලු රකින්නෙක්ද වන රිෂාබ් පන්ට් අද අළුවයම කාලයේදී රිය අනතුරකට ලක්ව තිබෙන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාවන කරුණු අනුව මේ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා අනතුරට මුහුණ දීමෙන් අනතුරුව ඔහුගේ ගමන් මල්ල සහ මුදල් පසුබිම්බය වැනි වටිනා බඩු භාණ්ඩ අස්ථානගතවී තිබෙන බව ද වාර්ථා වෙනවා
පාන්ට්ගේ සෞඛ්‍ය තත්ත්වය දැන් ඔහු ඇතුළත් කර තිබෙන ඩෙහ්රාඩුන්, මැක්ස් රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය අශිෂ් යාග්නික් රෝහල සඳහන් කරන්නේ ඔහුගේ තත්ත්වය බරපතල නැති බවයි.
දකුණු කකුළේ වලළුකර ප්‍රදේශයේ අස්ථි බිදීමක් මෙන්ම හිසටද තුවාල ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරිවරයා මාධ්‍යට පවසා තිබෙනවා.නමුත් ඔහුගේ තත්ත්වය ගැන බිය විය යුතු නැති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් පාන්ට්ව පරික්ෂා කරමින් සිටින බවයි.එසේම රෝහල තව පැය කිහිපයකින් නිල නිවේදනයක් නිකුත් කරන බව ද වෛද්‍ය අශීෂ් යාගනික් ප්‍රකාශ කර තිබෙනවා.
නව දිල්ලියේ සිට සිය නිවෙස පිහිටි රූර්කි බලා යන අතරේ දී ඒ ආසන්නයේ පිහිටි උත්තරාකන්ද් ප්‍රදේශයේදි පාන්ඩ් අනතුරුට ලක් වී ඇත්තේ අද අළුයම 5.30 ට පමණයි.අනතුර සිඳු වූ ඇත්තේ පාරේ තිබූ මාර්ග බාධකවල වාහනය ගැටීමෙන් බවත් එහිදි වාහනය ගිණිගෙන ඇති අතර ඉදිරිපස වීදුරුව කැඩී ගොස් තිබෙනවා.
අනතුර වූ සැනින් පාන්ඩ් හදිසි ගිලන්රථ සේවය මඟින් රූර්කි හි සක්ෂාම් රෝහලට ඇතුළත් කර තිබෙන අතර මේ වන විට ඔහු ප්‍රතිකාර ලබන එම රෝහලෙන් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඩෙහ්රාඩුන් හී මැක්ස් රෝහලට ඇතුළත් කර තිබෙන්නේ ඉන් අනතුරුවයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...