ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට මානුෂීය ක්‍රියාකාරකම් ද තහනම් – එක්සත් ජාතීන්ට එකපාරට ඇස් ඇරෙයි!

Date:

අවසානයේ ඇෆ්ගන් කාන්තාවන්ට ඉතිරි වන්නේ ශරීර කූඩුව පමණ ද???

ඇෆ්ගනිස්තානය තලිබාන් පාලනයට නතුවූ දිනයේ පටන් දැඩි සමාජභාවී අසමානාත්මතාවයකින් යුතු පරිපාලනයක් එම රට පුරා ව්‍යාප්ත කළ අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ගේ හිමිකම් සහ වරප්‍රසාද දැඩි ලෙස සීමා වීම සිදුවිනි.

මෙම සීමා කිරීම රැකියා, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර රැසකට බලපෑ අතර, එමඟින් කාන්තා අයිතිවාසිකම් තුට්ටු දෙකට ගණන් නොගන්නා තත්ත්වයක් දැන් රට තුළ මතුව ඇත.

ඉකුත් දිනක ඇෆ්ගනිස්තානයේ තලිබාන් සංවිධානය නිවේදනය කළේ මානුෂීය කටයුතුවල නියැලීමේ සේවාව ද කාන්තාවට තහනම් කරන බවයි.

මීට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ මානුෂීය සේවාවන් අංශයේ ප්‍රධානී මාර්ටින් ග්‍රිෆ්ත්ස් පවසා සිටියේ, තමා ඇෆ්ගනිස්තානය වෙත පැමිණ බලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.

ඒ අනුව, ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින ග්‍රිෆ්ත්ස් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, තමා ඇෆ්ගනිස්තානයට පැමිණ තලිබාන්-පාලනාධිකාරියේ ඉහළම නිලධාරීන් සමඟ මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවය.

එමෙන්ම, රාජ්‍ය නොවන අංශයේ ඇතුළු මානුෂීය සේවාවල කාන්තා නියෝජනය තිබීම අනිවාර්ය කරුණක් විය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

මෙලෙස මානුෂීය සේවාවල නියැලීම කාන්තාවන්ට තහනම් කිරීමත් සමඟ ඇෆ්ගනිස්තානය හා බැඳි එක්සත් ජාතීන්ගේ වැඩසටහන් කිහිපයක්ම මේ වන විට නවතා දැමීමට ද එක්සත් ජාතීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

මානුෂීය සේවාවල නියැලීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ කාර්යාලය (UNOCHA) විසින් නිකුත් කළ නිවේදනය මෙතනින්: https://www.unocha.org/story/women%E2%80%99s-participation-aid-delivery-must-continue

ඡායාරූප: Aljazeera

සබැඳි ලිපි:

https://outboundtoday.com/tears-and-protests-as-taliban-shut-universities-to-womenafghanistan/

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2025 වසරේ ශ්‍රී...

දේශපාලන අරමුණු ඉටුකරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තෝතැන්නක් කරගන්න එපා – වර්ජනයේ නිරත GMOA වෛද්‍යවරුන්ට නි. ඇමති කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ඉතා...

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...