*
Friday, April 26, 2024
spot_img

Latest Posts

වසර 20කට හිරේ ගිය දකුණු කොරියානු ජනපතිනිය වසර 5 න් නිදහස් – විශේෂ ජනාධිපති සමාවක්!

ඒ, ඇගේ සෞඛ්‍යය පිරිහෙමින් තිබෙන බව සලකා බලමින් දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉ විසින් ලබාදුන් විශේෂ ජනාධිපති සමාවකිනි. ඒ වන විට ඇය මාසයක පමණ කාලයක් බන්ධනාගාර රෝහලේ කල් ගත කර තිබිණි.

ඇය නිදහස් වන පුවත අසා ඇගේ ආධාරකරුවන් දහස් ගණනින් බන්ධනාගාර දොරටුව අසල රැස්ව සිටි අතර, මල් කළඹ සිය ගණනක් ද දැකගත හැකි විය.

69 හැවිරිදි හිටපු ජනපතිනී පාක් ගුවෙන්-හයි දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ ප්‍රථම නායකයා/නායිකාව වූවාය.

2017 වසරේදී ඇයට සිය ධුරය අහිමි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ මැදිහත්වීමෙන් පසුව සිදුකළ දෝෂාභියෝගයකිනි.

ඇයට 20 අවුරුදු සිරදඬුවම නියම කළේ දකුණු කොරියාවේ ඉහළම අධිකරණය විසිනි.

වොන් බිලියන ගණනක් සමාගම්වලින් ත්‍යාග ලෙස නොහොත් අල්ලස් ලෙස ලබාගෙන ඇති බව නඩු විභාගයේදී තහවුරු විය.

ඒවා ප්‍රධාන වශයෙන් ම ඇය විසින් යොදවා තිබුණේ සිය පවුලේ ව්‍යාපාර පෝෂණය කිරීම සඳහා ය. ලාභ නොලබන සංවිධාන සඳහා ද එම මුදල් යොදවා තිබිණි.

මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව හේතුවෙන් පසුකාලීනව Samsung සහ Lotte යන දැවැන්ත සමාගම්වල ප්‍රධානීන් ට ද සිර දඬුවම් නියම විය.

ඇය ‘අවාසනාවන්ත අතීත ඉතිහාසය පිටුදකිමින් ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇතැයි’ දකුණු කොරියානු ජනාධිපතිවරයා කියා තිබේ.

කෙසේ නමුත් නියමිත දඬුවම් කාලයෙන් 1/4 ක් පමණක් විඳ පැමිණෙන පාක්, ඉදිරියේදී දකුණු කොරියාවේ දේශපාලනයට කුමන ආකාරයේ බලපෑමක් කරාවිද යන්න ගැන ආන්දෝලනයක් මේ සමගම මතුව තිබේ.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, විශේෂ ජනාධිපති සමාව, ඇගේ සෞඛ්‍ය පිරිහීම මත ම ලබාදුන් එකක් නොවිය හැකි බවයි.

පාක් නියෝජනය කරන ජන බලවේග පක්ෂය, පසුගිය ජනාධිපතිවරණයේදී ද මූන්ගේ ප්‍රජාතාන්ත්‍රික පක්ෂය සමග කරට කර සටනක් ලබා දී තිබිණි.

main photo: Reuters

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan