ඉන්දු – චීන බල අරගලය මධ්‍යයේ ශ්‍රී ලංකාව හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වීම!

0
56

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු කරන ලද මහා පරිමාණ යුධ අභ්‍යාස විසින් ශ්‍රී ලංකාව තුළ වත්මනයේ පවත්නා චීන ආධිපත්‍යය අඩු කරමින් ඉන්දීය ආධිපත්‍යය වැඩි වීම පිළිබඳ නිරීක්ෂකයන්ගේ අවධානය යොමුව තිබේ.

වත්මන් රජයේ නොසැලකිලිමත්කම සහ දකුණු ප්‍රදේශයන්හි චීන පැවැත්ම තුරන්වී යාමට පටන් ගැනීමෙන් අනතුරුව චීනය දැන් දැන් නව උපායමාර්ගයන් අනුගමනය කරමින් රටේ උතුරු ප්‍රදේශවලට සමීප වීමට උත්සාහ කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විශ්‍රාමික විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාවය දෙරටේ සමීප සහ පොදු සංස්කෘතීන් විසින් මෙහෙයවනු ලබන බව ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

ඉන්දීය යුද්ධ හමුදා භටයින් 120 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබාහු පාබල රෙමේන්තුවේ භටයින් 120 දෙනෙකු සහභාගි වූ ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාසය නැගෙනහිර පිහිටි අම්පාර දිස්ත්‍රික්කයේදී ආරම්භ කර තිබු අතර, ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාසයන් දින 12 ක් පුරාවට අති සාර්ථකව පවත්වා තිබේ.

මේ සම්බන්ධයෙන් හිටපු උතුරු පළාත් මහ ඇමති මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී තමිල් මක්කල් තේසිය කුට්ටණී (TMTK) පක්ෂයේ නායක විශ්‍රාමික විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ එක රටකට එරෙහිව අනිත් රටෙන් උපරිම ප්‍රයෝජන ගැනීමෙන් සිදුවන්නේ බරපතල ලෙස අනවශ්‍ය කලාපීය භූ දේශපාලන බල අරගලයකට අප ගොදුරුවීම බවයි.

“අප මේ කතාකරන්නේ කලාපීය භූ දේශපාලන බල අරගලය පිළිබඳවයි. අවාසනාවන්ත වූවද වත්මන් රජය විසින් ගනු ලැබූ අනවශ්‍ය තීන්දු තීරණ නිසා අපගේ කලාපයට මෙවැනි භූ දේශපාලනික අර්බුධයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මේ තත්ත්වයන් අපට මගහරවා ගැනීමට හැකිව තිබුණා. ඇත්තටම මීට කලින් ගෙනාපු ඒ අයම තමයි දැනුත් ඔවුන්ව ගෙන්වාගෙන තිබෙන්නේ, එම නිසා එම විදේශ රටවල්වලින් එල්ලවන අනවශ්‍ය බලපෑම්වලින් සහ ඔවුන්ගේ ග්‍රහණයෙන් ගැලවෙන්න බැරිව තිබෙන තත්ත්වයක් තමයි වර්තමානයේ අපට දකින්නට ලැබෙන්නේ. මේ මොහොතේ සිදුවෙමින් පවතින දෙය නම්,විශාල රටවල් දෙකක් අතර පවතින භූ-දේශපාලන අර්බුධයන්ට අනවශ්‍ය ලෙස අප රටක් ලෙස ගොදුරුවෙමින් පැවතීම.ඒ නිසා අපි ඉතා පරිස්සම් විය යුතුයි. අප දැනටමත් මූල්‍යමය හා ආර්ථිකමය වශයෙන් ඉතා නරක තැනක සිටින අතර, මේ රජය එකිනෙකාට එරෙහිව අනෙකාට උදව් කරන තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ, එය අපට රටක් හැටියට කිසිසේත්ම ප්‍රයෝජනයක් නොවන බව පෙනෙන අතර, එය ඉතාමත් භයානක තත්ත්වයක් හැටියටයි මා දකින්නේ. චීනය දැනටමත් රුපියල් ට්‍රිලියන ගණනක් ආධාර වශයෙන් අපට දෙන්න යනවා, ඒ අතරතුර ඉන්දියාවත් යම් ආධාරයක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. එක රටකට එරෙහිව අනිත් රටෙන් උපරිම ප්‍රයෝජන ගැනීමෙන් සිදුවන්නේ බරපතල ලෙස අනවශ්‍ය කලාපීය භූ දේශපාලන බල අරගලයකට අප ගොදුරුවීම සහ එයින් රටක් වශයෙන් අප ඉතාමත් අපහසුතාවයකට පත්වීමට පුළුවනි.”

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් බ්‍රසල්ස්හි ඩිප්ලෝමැටික් වර්ල්ඩ් ආයතනයේ උපදේශක ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු පවසන්නේ මෙම අභ්‍යාසය දෙරටේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිවල මෙන්ම අසල්වැසි රටවල් කෙරෙහි අනුගමනය කරන මිත්‍රශීලි විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහ අනුගමනයේ නව්‍ය උපායමාර්ගික වෙනසක් දෙරටටම අවශ්‍ය වී තිබීම මේ හරහා ප්‍රත්‍යක්ෂ වන බවයි.

”ඉන්දියාව පිළිබඳව සඳහන් කරන විට අසල්වැසි රාජ්‍යයන් කෙරෙහි අනුගමනය කරන අසල්වැසියා සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් මූලිකත්වය දෙමින් කටයුතු කිරීම පිළිබඳව අප සිතා බැලිය යුතු දෙයකි. එමෙන්ම කැරලි මර්දනය, ත්‍රස්තවාදය මෙන්ම සයිබර් අපරාධවලට එරෙහිව සටන් කිරීම 21 වැනි සියවසේදී ගෝලීය වශයෙන් මුහුණදෙමින් තිබෙන මෙන්ම අවධානය යොමු කරන ප්‍රබල අහියෝගයන් වේ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු වූ ‘මිත්‍ර ශක්ති’ අභ්‍යාසය බොහෝ රටවල් අවධානය යොමු කරමින් බලා සිටින සිදුවීමකි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සමීප සබඳතා මිලිටරිමය මට්ටමින් පමණක් නොව සංස්කෘතිකමය මට්ටමින්ද වසර දෙදහසක ඉතිහාසයක් තිබෙන අතර, ‘රාම-සේතු පාලම’ සහ ‘රාමායණ’ යුගය දක්වා දිව යන ශක්තිමත් සබඳතා දෙරට අතර ස්ථාපිත වී තිබේ. මෙම නව විදේශ ප්‍රතිපත්ති තුළ ඉන්දියාව සැලකිලිමත් වන්නේ, ඉන්දියන් සාගර සීමාවට ඉහළින් සහ එය සිය මීළඟ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න අනුව ය.”

තවදුරටත් අදහස් දක්වමින් සී.වී. විග්නේෂ්වරන් මහතා කියාසිටින්නේ විශාල රටවල් අතර සිදුවන භූ දේශපාලනික අරගලයේ ගොදුරක් බවට පත්වීම කිසිදු කුඩා රටකට අවශ්‍ය නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here