Wednesday, March 22, 2023
spot_img

Latest Posts

තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මැතිනිය මෝල්ඩෝවා හි ජනාධිපති මායා සඳු මැතිනිය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මෝල්ඩෝවා ජනරජය සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මැතිනිය 2021 දෙසැම්බර් 22 වැනි දින කීෂිනාවු හි ජනාධිපති මන්දිරයේ පැවති නිල උත්සවයක දී මෝල්ඩෝවා ජනරජයේ ජනාධිපති වන මායා සඳු මැතිනිය වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වූවා ය.

ජනාධිපති සඳු මැතිනිය සමඟ පවත්වන ලද හමුව අතරතුර දී, තානාපති ලියනගේ මැතිනිය ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උණුසුම් සුබපැතුම් පිරිනැමූ අතර, ශ්‍රී ලංකාව සහ මෝල්ඩෝවා ජනරජය අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා  ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අභිලාෂය පිළිබඳව ද ප්‍රකාශ කළා ය. සිය අදහස් පළ කළ මෝල්ඩෝවා ජනාධිපතිනිය, ශ්‍රී ලංකාව විශිෂ්ට සංචාරක ගමනාන්තයක් බව සිහිපත් කළ අතර දෙරට අතර ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට මෝල්ඩෝවා ජනරජය  උද්‍යෝගයෙන් පසුවන බව ප්‍රකාශ කළා ය.

මෙම නිල අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයට පෙර, තානාපති ලියනගේ මැතිනිය මෝල්ඩෝවා ජනරජයේ  රාජ්‍යතාන්ත්‍රික සන්ධාන කටයුතු  ප්‍රධානී මිහයිල් බාබුලට් මහතා හමුවූ අතර, එහිදී සිය අක්තපත්‍ර ලිපිවල විවෘත පිටපත් බාබුලට් මහතා වෙත පිළිගැන්වූවා ය. විදේශ කටයුතු අමාත්‍යංශයේ ආසියා, අප්‍රිකා, මැදපෙරදිග සහ පැසිෆික් අංශයේ සහ මෝල්ඩෝවා යුරෝපීය ඒකාබද්ධතා අංශයේ ප්‍රධානී ඊ.එස්. ඇනටෝල් වැංගේලි මහතා හමුවූ තානාපති ලියනගේ මැතිනිය ද්විපාර්ශ්වික දේශපාලනික සබඳතා, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් දෙරට අතර පවත්නා සහයෝගිතාව ඉහළ නැංවීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා පැවැත්වූවා ය.

තවද, තානාපති ලියනගේ මැතිනිය මෝල්ඩෝවා ආයෝජන සහ සංචාරක නියෝජිතායතනයේ සාමාන්‍ය අධ්‍යක්ෂ ස්ටෙලියන් මැනික් මහතා සමඟ දෙරට අතර සංචාරක ව්‍යාපාරය හා වෙළඳ සහයෝගිතා පිහිටුවීම සම්බන්ධයෙන්  ඵලදායී අන්තර්ක්‍රියා පැවැත්වූ අතර, ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපාරාන්තර කටයුතු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පවත්නා අවස්ථා පිළිබඳව මෝල්ඩෝවා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති සර්ගෙයි හරියා මහතා  සමඟ ඵලදායී අන්තර්ක්‍රියා පැවැත්වූවා ය.

මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෝල්ඩෝවා, ආර්මේනියාව, බෙලරුසියාව, කසකස්තානය සහ උස්බෙකිස්තානය සඳහා සමගාමීව අක්ත ගන්වා ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 දෙසැම්බර් 31 වැනි දින 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.