දික්වැල්ල vs දික්වැල්ල

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 02, කොළඹ (LNW):කුසල් ජනිත් පෙරේරාගේ අසනීප තත්ත්වය නිසා බංගලාදේශ සංචාරයේදී ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබෙනවා.දික්වැල්ල 2021 ජූනි මස 26 වන දින සිය අවසන් විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට කැඳවන පළමු අවස්ථාව මෙයයි.
විනය විරෝෂි හැසිරීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මෙන්ම දක්ෂතා අතර නොසටීම ද දික්වැල්ලට මේ ආකාරයට දීර්ඝ කාලයක් කණ්ඩායමෙන් පිටත රැඳී සිටින්නට හේතුවක් වුණා.එහෙත් අනතුරුව දක්ෂතා අතට සිටි දික්වැල්ල බංගලාදේශ සංචාරයට හදිසියේ කැඳවීමට පෙර මුහුණ දුන් අවසාන එක්දින තරගයේදී පන්දු 23 න් ලකුණු 50 ක් රැස් කර තරගයේ වීරයා වන්නට ද සුදුසුකම් ලබමින් මේ සංචාරයට ලකුණු අතර සිටින අයෙක් ලෙස එක්වීමේ හැකියාව උදා කර ගත්තා.


සමාජ මාධ්‍ය ජාලයන්හී ක්‍රියාකාරීත්වය මේ වන විට බොහෝ විට තමන්ට ක්‍රීඩකයා සමඟ ඇති සම්බන්ධතා සහ රුචිකත්වය පදනම් කර ගෙන සිඳුවන දේවල් නිසයි. එමෙන්ම විවිධ මති මතාන්තරවලට අනුව සිතන්නන්ට සිය මතය සමාජ ගත කරන ආකාරය බාධාවකින් තොරව ලැබුණු අවස්ථාවක් වි ඇති සමාජ මාධ්‍ය ජාලාවන් හී බලපෑම හොඳ අතට මෙන්ම නරක අතට ද සිඳු විය හැකි අතර එක් වරක් හෝ ඒ තුළ කළු පැහැ ලකුණක් ඇති කර ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමට කරුණු නිර්මාණය කරන බව ද අවබෝධ කරගෙන සිටීම වැදගත්.


ඒ නිසා දික්වැල්ල ගෙවුණු සමයේ ද හැම විටම පාහේ ලකුණු අතරට එමින් සිටියත් වැඩි අවධානයකින් ඔහු දෙස බලන ඉඩක් සමාජයේ තිබුණේ නැහැ.එහෙත් ඔහු මේ තරග සංචාරයේ සංචිතයට එකතුවීමට අවශ්‍යය කුසලතා ප්‍රකාට කර තිබෙන බව පැහැදිළියි.ඔහු සෑම විටකදීම පාහේ කණ්ඩායමට පැමිණෙන්නේ දක්ෂතා දක්වා වුව ද,ඔහු කණ්ඩායම තුළ ඒ තත්ත්වය රැක ගැනීමට අපොහොසත් වෙනවා.හොඳින් පන්දුවට පහර දෙමින් සිට ශතකය ආසන්නයට පැමිණ අනවශ්‍ය පහර නිසා කඩුල්ල අහිමි කර ගත් අවස්ථා දික්වැල්ල සතුව විශාල වශයෙන් දැකිය හැකියි.


ඒ නිසා දික්වැල්ල යනු අනෙකාගේ පරික්ෂාවට වඩා තමා විසින්ම තමාව පරික්ෂා කර ගැනීම සිඳු කළ යුතු ක්‍රීඩකයෙක්.මේ සංචාරයේදී සංචිතයට කැඳවා ඇතත් ක්‍රිඩා කරන 11 දෙනා අතර තවමත් ඔහු සිටිනවාද නැද්ද යන්න සඳහන් වන්නේ නැහැ.එසේ 11 දෙනා අතරට පැමිණියහොත් දික්වැල්ල කෙසේද ඔහුගේ වටිනාකම පෙන්වන්නේ කියා කල්පනා කිරීම වැදගත්.වඩාත්ම දකින්නට ඇත්තේ දික්වැල්ල විසින් දික්වැල්ල ප්‍රතික්ෂේප කර ගැනීමක් විනා දික්වැල්ල අදක්ෂයෙක් වීම නොවන බව තේරුම් ගැනීම වැදගත්.තමන්ව තමන් විසින් පාලනය කර ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වටිනාකමක් එක් කළ හැකි ක්‍රීඩකයෙක් හැටියට දික්වැල්ල පරිවර්ථනය විය යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...