අද මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාරපානවල මිල ගණන් ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW): අද (02) මධ්‍යම රාත්‍රියේ සිට, ආපනශාලා ආහාරපානවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.

ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කළ බව සඳහන් වේ.

ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, කෑම එකක මිල රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින් ආදී වශයෙන් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ, රජය පරිභෝගික භාණ්ඩ මිල පහළ දැමුවහොත් එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...