“ලංකාවෙ බැඩිමින්ටන් හොඳට යනවා,විරෙන් ඔලිමිපික් යයි.ඔහුට හොඳ විනයක් කැපවීමක් තියෙනවා” – නිලූක කරුණාරත්න

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 08, කොළඹ (LNW): වසර විසි දෙකක සොඳුරු මතකයන් ලාංකේය බැඩිමින්ටන් පිටියේ අතුරා නවමු මල් පිපෙන මොහොතක ජාතික වගකීමේ වෙනත් පසෙක අඳුරු කඩතිර පහන් කිරීමේ අරමුණට පන දෙන්න නිලූක කරුණාරත්න සූදානම් වෙනවා.ඒ සිය අත්දැකීම්,දැණුම සහ දෙස් විදෙස් සබඳතා සමඟ ඉදිරි පියවරකදී රටේ සමස්ත ක්‍රීඩාව වෙනුවෙන් සිය ආදරයේ පළල තව තවත් පුළුල් කරමින් අත හිත පුදමින්.ඒ සඳහා ඇරඹුණ “ඔලී නිලූක කරුණාරත්න” පදනම ඊයෙ ජාතික ඔලිම්පික් කමිටුවේ හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේදී ආරම්භ වුණා.ඒ ආරම්භය සටහන් කරමින් ලාංකේය කෙටි දුර ධාවන සූර යුපුන් අබේකෝන්ට අනුග්‍රහයක් ලබා දීම ද ඊයේ සිඳු වුණා.


මේ හමුවේදී මාධ්‍ය වෙතින් ශ්‍රි ලංකාවේ වර්ථමානය ගැන නිලූකගෙන් විමසා සිටියා.එහිදී නිලූකගේ අදහස වූයේ මේ වන විට ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාව හොඳින් ක්‍රියාත්මක වන බවයි.එසේම නිලූක පවසා සිටියේ මෙවර ඔලිමිපික් උළෙල නියෝජනයට විරෙන් නෙත්තසිංහ සුදුසුකම් ලබන බවට තමා විශ්වාස කරන බවයි.එසේම විරේන් ඉතා ඉහළ කැපවීමක් මෙන්ම විනයක් සහිත ක්‍රීඩකයෙක් බවත් නිලූක පවසා සිටියා.ඔහුට ඉතා පැහැදිළි ගමණක් ඇති බවත් මේ වන විට ඔහුව එතැනට ගෙන ඒම සඳහා කැපවීම් කර ඇති සියල්ල ඒ වෙනුවෙන් මහන්සි වන බවත් පැවසූ ඔහුගේ පැහැදිළි අනාගතය ගැන ඔහුගේ පියා ඇතුළු සියලු දෙනා සමඟ තමා අදහස් ප්‍රකාශ කර තිබෙන බව ද නිලූක පෙන්වා දුන්නා.ඔහුගේ බැඩිමින්ටන් ජීවිතය වෙනුවෙන් සියල්ල කැප කරමින් වැඩ කරන පවුල් පසුබිමක් තිබීම ද මෙහිදි අගය කළ යුතු බවයි නිලූකගේ අදහස වූයේ.


එසේම නිලූක පළමු අනුග්‍රහය යුපුන් වෙනුවෙන් දියත් කිරීම ගැන ද මාධ්‍ය ඉදිරියේ අදහස් ප්‍රකාශ කරමින් සිටියේ ඔහු පළමු වරට ටෝකියෝ ඔලිමිපික් ක්‍රීඩා උළෙලේ දී පළමු මොහොතේ දී හමුවෙද්දීම සිය ක්‍රීඩා ජීවිතයේ අත්දැකීම් සමඟ ඔහු රට ලෝකයට රැඟෙන යන සුපිරිම ක්‍රීඩකයෙක් වන බව දැණුන බවයි.මේ වන විට ඒ තත්ත්වය සනාත කර ඇති යුපුන් ඉදිරියේදි තව තවත් ලෝකයේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු කරවා ගන්නා ක්‍රීඩකයෙකු වනු ඇති බවත් නිලූක පවසා සිටියා.


මේ උත්සව අවස්ථාවට එක්ව සිටි නිලූකගේ බාල සොහොයුරා චාමික කරුණාරත්න වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීමට ප්‍රථම බැඩිමින්ටන් ක්‍රීඩාවේද ජාතික මට්ටමේ සිටි සුපිරිතම ක්‍රීඩකයෙක්ව සිටි අතර දැන් බැඩ්මින්ටන් ගැන අවධානය යොමු කරන්නේ නැද්ද යනුවෙන් මාධ්‍ය වෙතින් අමුතු දඟ පන්දුවක් ඔහු වෙත යොමු කෙරුණා.චාමික එහිදී ප්‍රකාශ කර සිටියේ තමන්ගේ ජීවිතයේ පළමුවරට යොමු වුණ ක්‍රීඩාව බැඩිමින්ටන් බවත්,එයට ඇති ගෞරවය ආදරය සදාතනික බවත්ය.එහෙත් මේ මොහොතේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස තමන්ට බැඩිමින්ටන් වෙත යොමුවීමට නොහැකි බවත්,වෘත්තීය ක්‍රිකට් ජිවිතය වෙනුවෙන් දිගටම කැපවෙන බවත් චාමික ප්‍රකාශ කර සිටියා.


එසේම ඔහුගේ පිටියේ හැසිරීමේ ස්වභාවය සිය පවුලේ ආරට පැමිණි එකක් බව පැවසූ චාමික,කුඩා කළ පටන්ම තමන්ගේත්,තම සහෝදරයන්ගේත් අරමුණ වුණේ පරාජය වීම නොව ජයග්‍රහණය කිරිම පමණක් බවත්,ඒ වෙනුවෙන් සියයට සියයක් දීම සියල්ලන්ගේම අරමුණ බවත් පැහැදිළි කළ චාමික,ගෙදර අම්මා සහ තාත්තා ද ඒ අරමුණ වෙනුවෙන් තමන්ව මෙහෙය වූ බවත් ප්‍රකාශ කළා.මේ අවස්ථාවේදී නිලූක මැදිහත් වෙමින් එම කරුණ තව දුරටත් පැහැදිළි කරමින් චාමික ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය ක්‍රීඩාවත් නිසා ඔහුව දකින ප්‍රේක්ෂකයා මේ අනන්‍යතාවය කෝප ගැන් වුණ ස්වභාවයක් ලෙස හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කළා.නමුත් නිලූක පවසන්නේ පවුලේ පොඩි කෙනා වුණාට ඔහුට වඩා තමන්ව කෝප ගැන්වෙන ප්‍රමාණය වැඩි බවත්,සමහර කරුණු තමන්ගේද කළමණාකරණය කරන්නේ චාමික බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...