අද සිට දරුවන් සැහැල්ලුවෙන්, බෑගයේ බරත් අඩු වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04,, කොළඹ (LNW): අද (04) සිට ක්‍රියත්මක වන පරිදි පාසල් පොත් බෑගයේ බර අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත තුළ ක්‍රියත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී ඇති පරිදි පාසල් දරුවන්ගේ පොත් බෑගය බර වැඩිවීම නිසා සිසුන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ආබාධ සහ ශරීරික අපහසුතා ඇතිවීම මත එය ක්‍රියාත්මක කරන බවයි.

එම නිසා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දරුවන්ට පොත් රැගෙන ඒම පිළිබඳව උපදෙස් දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...