“මගේ කතාව” දොරට වැඩුම!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): හිටපු අමාත්‍යවරයෙකු වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ ස්වයං චරිතාප්‍රදානය “මගේ කතාව” නමින් දොරට වැඩීම සිදු විය.

කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදි මගේ කතාව කෘතිය දොරට වැඩිමේ උත්සවය පැවත්වුණි.

ආදි ආනන්දීයයෙකු වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සිය ග්‍රන්ථය දොරට වැඩිමේ උත්සවය ද එම පාසලේ දී පැවැත්වීම මෙන්ම එකල ඒ මහතාට ඉගැන්වු ගුරුවරුන් ද උත්සවයට පැමිණි සිටිම විශේෂත්වයක් විය.

සියල්ල දත් කෙනෙකුගේ කතාවක් නොවේ පෘතජ්ජන මිනිසෙකුගේ කතාවයි මගේ කතාව යනුවෙන් වු මෙම ග්‍රන්ථයට බාකීර් මාකාර් මහතාගේ ජිවිත සටහන් පිළිබඳ බොහෝ කරුණු එක්කර තිබෙන බවත්, සර්ව ආගමික පූජකවරුන් ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , කතානායක මහින්ද යාපා අබේවර්ධන ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග , මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මින් ඇතුලු පක්ෂ , විපක්ෂ දේශපාලනඥයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ සහ ආචාර්ය රංගකලාසූරිය ඒරානන්ද හෙට්ටිආරච්චි යන ප්‍රවීණ මාධ්‍යවේදීන් මෙහිදි දෙසුම් පැවැත්වුහ.

ඉම්තියාස් බාකීර් මාකාර් මහතා මෙහිදි ප්‍රකාශ කළේ, දශක 5ක දේශපාලන ගමන ඇතුලු එදා මෙදා තුර තම ජිවිතයේ ලැබු අත්දැකීම් සම්භාරයක් බෙදා ගත හැකි වන අයුරින් මෙම ග්‍රන්ථය රචනා කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...