වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 24කින් සම්මතයි

එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

මේ සඳහා පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 59ක් සහ විපක්ෂව ඡන්ද 35ක් ලැබී තිබිණි.

ඒ අනුව එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වූ බවයි කථානායකවරයා නිවේදනය කළේ.

RN