රටවල් හයක තානාපතිවරුන් ජවිපෙ මූලස්ථානයේදී අනුරව හමුවෙයි

Date:

රටවල් 06ක තානාපතිවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වී තිබේ.

පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය Zuhair M.H. Dar Zaid මහතා, තුර්කි ජනරජයේ තානාපතිනි R. Demet Sekercioglu මහත්මිය, බංගලාදේශ ජනරජයේ මහකොමසාරිස් Tareq M.D. Ariful Islam මහතා, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති Dewi Gustina Tobing මහත්මිය, එම තානාපති කාර්යාලයේ ප්‍රධාන කොන්සල් (Head of Chancery) Heru Prayitno මහතා, මැලේසියානු මහකොමසාරිස් Badli Hisham Bin Adam මහතා සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි Fathimath Ghina මහත්මිය යන රාජ්‍යතාන්ත්‍රිකයෝ එම රටවල් නියෝජනය කරමින් මෙම හමුව සඳහා එක්ව සිටියහ.

ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන මහත්වරුන් මේ සඳහා සහභාගි වූහ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කරන ලද අතර රට තුළ දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බවත් එසේම රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය ලෙස ඇති සූදානම පිළිබඳව මෙම හමුවේදී විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින්ට පෙන්වා දුන් බවත් අනුර කුමාර දිසානායක මහතා පවසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...

මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ්...

ශ්‍රී ලංකාව වෙනුවෙන් හදවත උණු වූ බ්‍රිතාන්‍ය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : සිදු වූ ආපදාවෙන්...

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...