ශ්‍රී ලංකා යෞවනයෝ සියල්ලෝම රත්තරන් අභියස

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 07, කොළඹ (LNW): පකිස්තානයේ පැවත්වෙන දකුණු ආසියාතික කණිෂ්ඨ බැඩිමින්ටන් තරගාවලියේ අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 17 න් පහළ කාණ්ඩයේ තරගවලදී තරගාවලියට සහභාගි වූ සියලුම ක්‍රීඩකයින් අවසාන තරගවලට අද මුහුණ දීමට නියමිතව ඇත.කණ්ඩායම් සූරතාවන් දිනා ගැනීමෙන් ඉනික්බිති කේවල සහ යුගල තරගවලට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ මිශ්‍ර යුගල කණ්ඩායම්ම අවසාන තරගයේදී එකිනෙකා මුණ ගැහෙන්නට තරම් තරගාවලියේදී ශ්‍රී ලංකා කණිෂ්ඨයෝ ඉදිරියෙන් සිටිති.


කේවල අවුරුදු 15 න් පහළ බාලක ඉසව්වෙ හරුණු විට වයස් කාණ්ඩ දෙකට අයත් අනිත් කේවල ඉසව් තුනෙදීම සූරතාව සඳහා තරග වඳින්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝමය.බාලක බාලිකා යුගල තරගවලදී ද අද ශ්‍රී ලංකාව සූරතාව සඳහා තරග වැදීමට සූදානම්ව සිටින අතර අද පැවත්වෙන සියලු තරග ජය ගන්නට ශ්‍රී ලංකාවට වැඩි ඉඩක් පවතින බවක් පෙනෙන්නට ඇත.ඒ අනුව අද දවස නිමා වෙද්දී තරගාවලියේ සියලු සූරතා ශ්‍රී ලංකාව සතුවිමට ඇති ඉඩ විශාලය.


‍ඉකුත් වසරේ නේපාලයේ පැවති තරගාවලියේ දී අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩයේ කැපී පෙණුන නෙත්මි රත්නායක මේ වසරේ දී අවුරුදු 17 න් පහළ කාණ්ඩයේ විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටින අතර එය පියෙන් පිය නැඟෙන ක්‍රීඩිකාවකගේ කුසලතාවය ලෙස බලධාරින්ගේ අවධානය යොමු විය යුතු කාරණයක්ය.
තරගාවලිය නියෝජනය කරන අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 17 න් පහළ කණ්ඩායම් පහතින් දක්වා ඇත.


අවුරුදු 15 න් පහළ කණ්ඩායම
අමාවන් අමරසිංහ, චෙනාල් දෙව්ෂාන් මඩපාතගේ, තෙනුකි අයන්සා ද සිල්වා, බිනුරි ජනංගා වෛද්‍යතිලක


අවුරුදු 17න් පහළ කණ්ඩායම
මිහිල රවිෂ්ක ක්‍රිෂ්ණ ජයවීර, තේජන සමුදිත හේරත්, නෙත්මි අමායා රත්නායක සහ ලක්ෂණා සජීවකුමාර්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...