චීන ජනපති චීන මහජන දේශපාලන උපදේශකයන් හමුවෙයි!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 2වැනි සැසිවාරයට එක්ව සිටින සාමාජිකයන් හමු වේ.

එම සැසිවාරය ‍මේ දිනවල බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී පැවැත්වේ.

එම හමුව ඊයේ (6) සවස පැවැත්විණ. එහිදී චීන ප්‍රජාතාන්ත්‍රික පක්ෂයක් වන චීන කොමින්තාන් විප්ලවීය කමිටුවේ සාමාජිකයන්, විද්‍යා තාක්ෂණ හා පරිසර සම්පත් ක්ෂේත්‍රවල නියෝජිතයන්ගෙන් සමන්විත සාකච්ඡා කණ්ඩායමට එක් වූ ජනාධිපතිවරයා ඔවුන් සමග අදහස් හුවමාරු කර ගත්තේය.

චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාවලියට ක්‍රියාශීලිව එක් වෙමින් රටේ සංවර්ධනයට ඉවහල් වන අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස හෙතෙම එහිදී ඔවුන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

සාමාජිකයන් හය දෙනෙකුගේ දේශනවලට සවන් දීමෙන් පසු ෂී ජින් පිං මහතා වැදගත් ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සාමාජිකයන් ගතවූ වසරේ කාර්යභාරය සපුරා ඇතැයි හෙතෙම එහිදී පැවසීය.

මෙවර හමුවේ දී ෂී ජින් පිං මහතා චීන කොමින්තාන් විප්ලවීය කමිටුව කෙරෙහි තබා ඇති අපේක්ෂාවන් විග්‍රහ කළේය. දෙස් විදෙස් වශයෙන් සහ තායිවාන දූපතේ හා ඉන් පිටත වෙසෙන, සියලු චීන දේශප්‍රේමී බලවේග සමඟ එක්ව ඊනියා “තායිවාන ස්වාධීනත්වය”ට විරෝධය පළ කරමින්, රට එක්සත් කිරීමේ ශක්තිය අඛණ්ඩව තහවුරු කිරීමේ ක්‍රියාදාමය ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපතිවරයා කියාසිටියේය. 

මීට අමතරව, විද්‍යා තාක්ෂණ හා පරිසර සම්පත් ක්ෂේත්‍රවල සාමාජිකයන් වෙත පැවරෙන වගකීම් ද එහිදී ෂී ජින් පිං මහතා පැහැදිලි කළේය. විද්‍යා තාක්ෂණ මෙන්ම නිපුණතා සංවර්ධන පද්ධතිවල ප්‍රතිසංස්කරණ සඳහා සහාය දිය යුතු බවත්, විවිධ නවෝත්පාදන ශක්තීන් හා සැඟවුණු කුසලතා දිරිගැන්වීම සඳහා විද්‍යා තාක්ෂණ තක්සේරු කිරීම් පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් හෙතෙම පැවසීය. 

එසේම, පරිසර සම්පත් ක්ෂේත්‍රයේ සාමාජිකයන් ජෛව පරිසරය සුරක්ෂිත කිරීම හා මනා ආරක්ෂණයක් සහිත උසස් මට්ටමේ සංවර්ධනයට කැප වී නව ජයග්‍රහණ ලබා ගත යුතු බවයි ෂී ජින් පිං මහතා තවදුරටත් අවධාරණය කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...