නයිජීරියාවේ පාසලකට කඩා වැදී දරුවන් 275 පැහැරගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 08,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තයේ කූරිගා පාසලට පැමිණි තුවක්කු කරුවන් පිරිසක් දරුවන් 275 දෙනෙකු පැහැරගෙන ඇති බව වාර්තා වේ.

ළමයින් බේරා ගැනීමට සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් යොදවා ඇති අතර මෙය මෙම වසර තුළ සිදුවූ දෙවන සමූහ පැහැරගැනීම බව කියැවේ.

අතුරුදන්ව ඇති දරුවන්ගෙන් 175 දෙනෙකු පමණ වයස අවුරුදු අටත් 15ත් අතර පසුවන්නන් බවට විශ්වාස කරන අතර ප්‍රදේශයේ ආරක්‍ෂාව නොමැතිකම මෙම පැහැරගැනීම්වලට හේතුව ලෙස දෙමාපියන් සහ ප්‍රදේශවාසීහු ජනාධිපති බොලා ටිනුබු රජයට චෝදනා කර තිබිණ.

අප්‍රිකාවේ වඩාත්ම ජනාකීර්ණ රටෙහි කප්පම් සඳහා පැහැරගැනීම් සාමාන්‍ය දෙයක් වන අතර, අධික ලෙස සන්නද්ධ අපරාධ කල්ලි අතීතයේ පාසල් සහ විද්‍යාල ඉලක්ක කරගෙන ඇත.

මේ හා සමානව 2014 වසරේ බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම විසින් බෝර්නෝ ප්‍රාන්තයේ චිබොක් ගම්මානයේදී පාසල් සිසුවියන් 200කට වැඩි පිරිසක් පැහැරගෙන ගිය අතර 2021 ජුලි මාසයේ දී, තුවක්කුකරුවන් විසින් වැටලීමකදී ළමුන් 150 කට වැඩි පිරිසක් මෙලෙසම පැහැරගෙන යන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුවෙන් සජබ හැළෙයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත...

රනිල් හිරේට ගියේ දවස් හතරකට.කුණු බඩු ඔක්කොම එකට එකතුවෙලා – වසන්ත මුදලිගේ

කොළඹ LNW: රනිල් වික්‍රමසිංහ දින 4කට රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ...

ශ්‍රී ලංකා බැඩිමින්ටන් පුහුණුකරුවන් පුහුණු කෙරේ

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන...