සුදු මැස්සාගෙන් පොල් වගාවට හානි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, කොළඹ (LNW): සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරීක්ෂණය වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි, ඒ රට තුළ පවත්නා වියළි කාලගුණික තත්ත්වයත් සමඟ බව පැවසේ.

දැනට පුත්තලම දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිපයක් නිරික්ෂණයට ලක් කර ඇති අතර එහිදී දංකොටුව, නාත්තන්ඩිය, මාරවිල නගරය අවට හලාවත, මුගුණුවටවන, ආරියගම, බත්තුලුඔය සහ මුන්දලම යන ප්‍රදේශය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්වේ.

ඒ අනුව පරීක්ෂිත ස්ථානවල විශේෂයෙන් පෙර පරිදිම පළමුව තැඹිලි සහ පොල් ගස්වලත්, සුදු මැස්සාගේ හානිය නැවත පවතින බව නිරීක්ෂණය වී තිබෙන බවත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලත් සුදුමැස්සාගේ රෝගය පවතින්නේද යන්න සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් වගාකරුවන්ගෙන් ඉල්ලා සිටී.

පොල් වගාවේ සුදු මැස්සාගේ බලපෑම වාර්තා වී ඇති බැවින් එම තත්ත්වය සම්බන්ධව පොල් වගාකරුවන් වහාම දැනුම්වත් කර සුදු මැස්සා මර්දනය සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

දැනට පොල් පර්යේෂණ ආයතනය මඟින් සුදු මැස්සා පාලනය සඳහා නිර්දේශ කර ඇති කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසිමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට කටයුතු කර ඇති අතර ඒ යටතේ දැනට ප්‍රාදේශීය කාර්යාල සතුව පවතින කොහොඹ තෙල් පොල් සංවර්ධන නිලධාරින් හරහා වගාකරුවන් වෙත කඩිනමින් බෙදාහැරිමටත්, හානිය අධිකව පවතින ප්‍රදේශ හදුනාගෙන එම ස්ථානවල පොල් ගස් සඳහා කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසිමත් මේ වන විට සිදුකර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...