*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මොන මැතිවරණ කල් දැමුවත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ – ජී.එල්.පීරිස්

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, කොළඹ (LNW): ” IFM නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂය සූදානම් බවත්,නමුත් ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ වී සාකච්ඡාවලට සහභාගි වීමට විපක්ෂය සූදානම් නොමැති බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා ඒ බව කියා සිටි අතර, මෙම වසරේ ජාතික තලයේ මැතිවරණ පැවැත්වෙන බවත්, එයට අදාළ මුදල් නොමැති යැයි පවසා කල් දැමීමට විපක්ෂය ඉඩ නොතබන බව ඒ මහතා පවසයි,

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් සපයා ගැනීම අභියෝගයක් යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම ලෝකයේ කිසිදු රටක සිදු නොවු දෙයක් බවත්,එය අද්විතීය දෙයක් බවත් , ජනාධිපතිවරයා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්වෙන බවත්,නමුත් ඉන් පසු ජනාධිපති කාර්යාලය මගින් ප්‍රකාශ කළ මාධ්‍ය නිවේදනයට අනුව මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වා ලබන වසරේ මහ මැතිවරණය පැවැත්වෙන බවත්,මෙම පරස්පර ක්‍රියා පටිපාටිය හේතුවෙන් මහජනතාව තුළ මැතිවරණ පිළිබඳ අවිනිශ්චිතතාවයක් ගොඩනැගී ඇති බවත් කියා සිටියේය.

මොන මැතිවරණ කල් දැමුවත් ජනාධිපතිවරණය එක්තරා කාල රාමුවක් තුළ අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව නීතියෙන් ඉතා පැහැදිලිව දක්වා ඇති බවත්,ඒ අනුව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර කාල පරාසය තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත්, ජූලි 15 වැනි දින පසු මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය නීතියෙන් හිමිවන බවද කීවේය,

ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් මැයි 13 වැනිදාගෙන් ආරම්භ වන සතිය ඇතුළත වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවත්, ආණ්ඩුව මැතිවරණ වලට බය නිසා මුදල් නොමැති යැයි පවසා මැතිවරණ කල් දැමීමට නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවත් පැවසූ ඒ මහතා , ජනාධිපතිවරණය සඳහා වෙන්කළ මුදල හෝ ඉන් කොටසක් හෝ මහ මැතිවරණය සඳහා ලබාගත නොහැකි බව නීතියෙන් ඉතා පැහැදිලිව පෙන්වා දී ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේ නම් වෙනම මුදලක් ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරගත යුතු බවයි කියා සිටියේ.

රජය ගෙන ආ චක්‍රලේඛනයක් මගින් මැතිවරණ සඳහා මුදල් වෙන් කරනවා නම් මුදල් ඇමතිවරයාගේ අත්සන අනිවාර්යෙන් තිබිය යුතු බවත්,එම චක්‍ර ලේඛනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරිමෙහිලා අඩිතාලම යෙදූ බවත්, ජනාධිපතිවරයා පත්කළ මැතිවරණ නිති සංශෝධන පිළිබඳ කොම්ෂන් සභාව මගින් ඉදිරිපත් කරන නිර්දේශ වර්තමානයට අදාල නොවන බවත්, එය අනාගතයේ මැතිවරණවලට බලපාන බවත්,එය මුවාවෙන් ජනාධිපතිවරණය කල්දැමිය නොහැකි බවද පැවසීය.

ජනාධිපතිවරයා කුලියාපිටියේ දී කළ ප්‍රකාශයෙන් පිළිබිඹුවන්නේ චරිත දෙකක් ඉස්මතු කළ බවත්,ඔහු අතීතයේ වචන පාවිච්චි කිරීමේදී ඉතා පරිස්සමින් පාවිච්චි කළ බවත්,විපක්ෂයේ සාර්ථක වැඩපිළිවෙළ හමුවේ ජනාධිපතිවරයාගේ භීතිය කුලියාපිටිය ජනරැළියේදී මහජනතාවට දැක ගත හැකි වූ බවද කීවේය.

මෙම සතිය රැස්වෙන පාර්ලිමේන්තු පිළිබඳ කාරක සභාව මගින් කතානායකවරයාට විරුද්ධව ගෙන එන විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරන බවත්,එම විස්වාසභංග යෝජනාවට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවත් සදහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan