චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය සාර්ථකව අවසන් වෙයි!

Date:

කොළඹ LNW:14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය සාර්ථකව නිමාවට පත්විය.

සමාප්ති උළෙල ඊයේ (11) පස්වරුවේ බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. එය ආරම්භ වූයේ ඉකුත් 5 වැනිදා යි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් මෙන්ම ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 2900ක පමණ පිරිසක් මෙවර සැසිවාරයට එක්වූ අතර චීන අග්‍රාමාත්‍යවරයා සමුළුව ආරම්භයේ දී ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාව දෙස් විදෙස් ඉහළ අවධානයට ලක්විය.

කලාපීය අනන්‍යතාවට ගැලපෙන පරිදි නව ගුණාත්මක ඵලදායිතාව සහතික කිරීමේ අවශ්‍යතාව මෙවර සැසිවාරයේ දී අවධාරණය කෙරිණ. සැසිවාරයට සහභාගි වූ පළාත් නියෝජිත හමුවලට එක් වූ චීන ජනාධිපතිවරයා රට පුරා පවතින විවිධ මට්ටම්වල පරිපාලනයන් රටේ සැබෑ තත්ත්වයන්ට සරිලන අයුරින්, නවීන ක්‍රමවේද ඔස්සේ ක්‍රියාවට නැංවිය යුතු බව ද පෙන්වා දී ඇත.

චීන අනන්‍යතාව සහිත නවීකරණ ක්‍රියාවලිය හා ජාතික පුනර්ජීවනය ඉදිරියට ගෙන යාමේ දී නව ක්ෂේත්‍රවල උපායමාර්ගික හැකියාව ඉහළ නැංවීමේ වැදගත්කම ද මෙවර ප්‍රමුඛ අවධානය දිනාගත් කරුණකි.

විවිධ බාහිර හා අභ්‍යන්තර අභියෝග මධ්‍යයේ වුව ද සිය ඉලක්ක සපුරා ගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ චීන රජයේ ඇති අධිෂ්ඨානය මෙම නවීකරණ අදහස් තුළින් තවදුරටත් පිළිබිඹු වන බව විචාරකයන් විසින් ද පෙන්වා දෙනු ලැබ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...