පාකිස්තානයේ නව ජනාධිපති අසීෆ් අලි සර්දාරිගේ අපූරු තීරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනපති ආර්යාව ලෙස සිය දියණිය අසීෆා භූතෝ නම් කරන බව පාකිස්තානයේ නව ජනාධිපති අසීෆ් අලි සර්දාරි නිවේදනයක් නිකුත් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්තානයේ නේෂන් පුවත් සේවය සඳහන් කරන්නේ ජනපති ආර්යාවට හිමිවන සියලු වරප්‍රසාද සිය දියණියට ලබාදීමේ අරමුණින් ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇති බවය. ජනපති ආර්යාව ලෙස දියණිය නම් කිරීමේ සිදුවීමක් පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ වාර්තා වන්නේ පළමු වතාවටය.

අසීෆ් අලි සර්දාරිගේ බිරිය වන පාකිස්තානයේ හිටපු අගමැතිනිය බෙනාසිර් භූතෝ 2007 වසරේ දෙසැම්බරයේ රාවල්පිණ්ඩි නුවරදී ඝාතනයට ලක්වීමෙන් පසු ඔහු වෙනත් විවාහයක් සිදු කර නොගත් අතර, සිය දියණියන් දෙදෙනා සහ පුත්‍රයා වෙනුවෙන් ජීවිතය කැප කරන බව ප්‍රකාශ කර තිබිණි.

පාකිස්තාන මහජන පක්ෂයේ සම සහාපති වන ඔහුගේ පුත්‍රයා 35 හැවිරිදි බිල්වාල් භූතෝ පසුගිය රජයේ හිටපු විදේශ ඇමැතිවරයා වේ. සර්දාරිගේ වැඩිමල් දියණිය 34 හැවිරිදි බක්තාවර් භූතෝ එරට සුබසාධන කටයුතුවල නිරතව සිටින අතර, ජනපති ආර්යාව ලෙස නම් කරනු ලැබු බාල දියණිය 31 හැවිරිදි අසීෆා සිය පියා සමඟ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...