සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 13, කොළඹ (LNW): වර්ථමානයේ ශ්‍රී ලංකා රගර් හි තීන්දු තීරණ ගැනීමේ බලය එහි ක්‍රීඩා සමාජ කිහිපයකට තීරණය කළ හැකි පරිදි ව්‍යවස්ථාවේ තිබෙන ඡන්ද බලය මඟින් සනාත කර ගැනීමේ උත්සාහයක් සිඳුවෙමින් පවතින බව පෙනෙන්නට ඇත.වර්ථය වර්මානයේ එම බලයේ විමධ්‍යගතව පැවතීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ශ්‍රී ලංකාවේ රගර් ව්‍යාප්තිය වෙනුවෙන් ගත් තීරණයකි.එය ජාත්‍යන්තර රගර් පරිපාලනයේ ආශිර්වාදයෙන්ම පැමිණි පුද්ගලයෙක් කළ අධ්‍යයයක ප්‍රතිපලයක් ලෙස මූලිකව සැළසුම් කරන ලද සැළසුමක ප්‍රතිපලයකි.
බොහෝ විට මේ සැළසුම සකස් කිරීමට මෙම විදේශිකයාට බලපාන්නට ඇති හේතු කාරණා අතර අතීතයේ හ්‍රී ලංකාවේ රග්බි සංස්කෘතිය කියවීම හේතුවක් වන්නට ඇත.ඉංග්‍රිසි අධිරාජ්‍යවාදීන්ට මේ රට යටත්ව පැවති සමයේ ක්‍රිකට්,රගර් වැනි ක්‍රීඩා ද ඔවුන් වැඩිපුරු සම්බන්ධව සිටි වතු වගාවන් ආශ්‍රිත ප්‍රදේශවල සරුවට තිබුණු බව පිළිගත යුතුය.ඔවුන් අධ්‍යාපන ක්‍රමය ද සිය මිෂනාරි අධ්‍යාපන පසුබිම යටතේ මෙහෙයවීමක් සිදු කළ බවට සාක්ෂි සොයා ගැනීමට අපහසු නැත.
ඒ අනුව ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ව්‍යාප්තව තිබුණ ආකාරය ගැන විමසා බැලීමේදී දික්ඔය – මස්කේළිය ක්‍රිකට් සමාජය,දිඹුල මලල ක්‍රීඩා සහ ක්‍රිකට් සමාජය,කැළණිවැලි ක්‍රීඩා සමාජය,ඌව ජිම්කානා කණ්ඩායම ලෙස මේ රටේ රගර් හී පැතිරීම දකින්නට හැකියාව ඇත.ඊට පසුවද පළමු පෙළ රගර් ක්‍රීඩා කිරීම සඳහා මෑත කාලයේ රගර් ක්‍රීඩා සමාජ කිහිපයක් සකස් විය.ඒවා දේශපාලන ආශිර්වාදය මත ඒ ප්‍රදේශයේ ක්‍රීඩාව ශක්තිමත් කිරීමට පිහිට වූ ක්‍රීඩා සමාජ නොවිණි.උදාහරණයකට නාමල් රාජපක්ෂගේ ආශිර්වාදය ඇතිව හම්බන්තොට ක්‍රිඩා සමාජයක් නිර්මාණය විම සහ බෙලිඅත්තේ රගර් ක්‍රිඩා කිරිම ඒ අයගේ දේශපාලනය සංතෘප්ත කර ගැනීමක් සහ ප්‍රචාරන ව්‍යාපෘතියක කොටසක් පමණි.
මහින්දානන්ද අළුත්ගමගේ විසින් ක්‍රියාත්මක කළ අප්කන්ට්රි ක්‍රීඩා සමාජය ද එවැනි එකකි.නාවතිලක ජයතිලක ක්‍රීඩංගණයට ද ජාතික රගර් ක්‍රිඩකයන්ගේ පා පහස කැඳවාගෙන ඒමේ ක්‍රියාවලියෙන් එහාට නාවලපිටියෙන් රගර් ක්‍රීඩකයින් බිහිවීමක් එයින් සිඳු නොවිණි.මේ සෑම අවස්ථාවකම එසේ ක්‍රීඩා සමාජ පිහිටුවාගෙන ඉහළම ක්‍රීඩා සමාජ ලෙස ඒවාට පිළිගැනීමක් ලබා දීමට රගර් පරිපාලකයෝ ද පසුබට නොවූහ.
ඒත් පරණ ඉතිහාසයට අයත් ගම්වල රගර් නැවත උත්ථානය කිරීම වෙනුවෙන් දේව කාර්යක් සේ සළකා මහන්සි විම සහ ඊට අවශ්‍යය වැඩ පිළිවෙල සකස් කිරිම වැදගත්ය.මෑත ඉතිහාසය බලන විට එවැනි තත්ත්වයක් ඇති කරන්නට සමත් වි ඇත්තේ මහනුවර ක්‍රිඩා සමාජයෙන් පමණි.එයට දීර්ඝ ඉතිහාසයක් ඇතත් රගර් ක්‍රීඩා සමාජයේ විශ්මිත දස්කම් ඉදිරිපත් කරන්නට සමත් වන්නේ 1990 දශකයේදී ය.ඒ මලික් සමරවික්‍රම රගර් වෙනුවෙන් මහනුවරට සම්ප්‍රාප්තවීමත් සමඟය.ඒ හරහා විශේෂයෙන් මහනුවර පාසල්වල තිබුණු ඉහළ රගර් සංස්කෘතිය නුවරින් කොළඹට බස් නැගීම නැවතී කොළඹට අභියෝගයක් වීම ඇරඹිණි.
එහෙත් අද වන විට මහනුවර සහ කොළම කේන්ද්‍රීය ක්‍රීඩා සමාජ එක පරම්පරාවක් සේ බමුණු කුලයක් රකින තැනකට සේන්දු වෙන්නට පටන් ගෙන ඇත.ඒ බලපෑම් සහික සුළඟට වැනෙන තැනකට ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ නිලධාරීන් පත්ව ඇත.ආසියාවේ අනවශ්‍ය බලපෑම්වලට එරෙහි වීස වෙනුවට,ලංකාවේ රගර් සමාජවලින් සිය හැසිරීම් හරහා වටිනාකම් වට්ටගත්තු මිනිස්සු ආසියාවේ බලය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ රගර් වට්ටවා හෝ තමන්ට තනතුරක් බලයක් හදා ගන්නට ක්‍රියා කරන ආකාරය අපි දැක්කෙමු.
දැන් රගර් පරිපාලනය මෙන්ම ලංකාවේ ක්‍රීඩා පරිපාලනය ද ආසියාවට මෙන්ම ලෝකයට කිවිය යුතු දෙයක් ඇත.ඒ ශ්‍රී ලංකාවේ රගර් ඉතිහාසය ගත් විට ඒ හා සසඳද්දී යම් හැකිලීමක් දකින්නට තිබෙන බවය.
මේ තත්ත්වය වෙනස් කරන්නට තව දුරටත් ප්‍රාදේශිය වශයෙන් ක්‍රීඩාව ශක්තිමත් කිරිමට සැළසුම් සකස් කර දිස්ත්‍රීක් ලීගවලට බලය සහ පහසුකම් සම්පාදනය කර ඒ ප්‍රදේශවල ක්‍රීඩාව ව්‍යාපත් කළ යුතු බවය.වසරකට දිස්ත්‍රික් ලීග් අතර ලීග් තරගාවලියක් සකස් කළ යුතු අතර එම ලීගයට අයත් ක්‍රීඩකයින් අට දෙනෙක් සහ ජාතික රග්බි ලීගය විසින් නම් කරන ක්‍රීඩකයින් සංචිතයකින් හතක් එක් දිස්ත්‍රික් ලීගයක් නියෝජනයට ඇතුළත් කළ යුතුය.එම දිස්ත්‍රික් ලීගයකට අනුග්‍රාහකත්වයක් සොයා දීමට ජාතික සංගමය මැදිහත්ව කටයුතු කළ යුතුය.
එවැනි තත්ත්වයකදී සමහර විට ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සමාජයක් පෝෂණය කරන්නට සහ එවැනි සමාජයකින් විශාල පෝෂණයක් ලැබිය හැකි ක්‍රීඩකයන් හිඟ නැතුව හමුවන්නට ඉඩ ඇත.උදාහරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඩිල්ෂාන් මධුශංක,ප්‍රමෝද් මධුශාන් වැනි ක්‍රීඩකයින් ගත හැකිය.පසුගිය කාලයේ මේ පරිපාලනයේම ඉවත් වූ සභාපතිවරයා යම් කිසි දැක්මක් සහිතව පිට පළාත් රග්බි පරිපාලනයන් සමඟ එක්ව ජාතික මට්ටමේ වැඩ සටහන් කර ගෙන ගිය ද දැන් ඒවා සියල්ල නැවතී කොළඹ ගත වි සිතන තැනකට හිර වි ඇත.
මේ තත්ත්වය වෙනස් විය යුතුය.ගමට බලය ලැබෙන එසේත් නොවේනම් ප්‍රධාන ධාරාවේ ක්‍රීඩා සමාජවලින් පමණක් යැපෙන රගර් ක්‍රීඩාවක් වෙනුවට ජාතික මට්ටමේ ප්‍රමුඛ පෙළ තරගාවලිය ගැන වුවත් වෙනස් විදිහකට සිතන සැළසුමක් සැකසිය යුතුය.පරාජය ඒ වලින් බී වලට යාමට මෙන්ම බී වලින් සී වලට යාමට හේතුවක් වෙන ක්‍රමයක් සකස් කළ යුතුය.එසේම ඒ වලට බීවලින් ඒසට බී සූරතාවයත්,සී වලින් බී වලට ඒමට බී සූරතාවයත් ලෙස සැකසි ක්‍රමයක් සැකසිය යුතුය.එවිට තමන් පහත වැටීම වළක්වා ගැනීමට සටන්කාමි ඉහළ ක්‍රිඩාවක් පවත්වාගෙන යන්නට මෙන්ම,ඉහළ නැඟීමට සටන්කාහී ඉහළ ක්‍රිඩාවක් පවත්වා ගෙන යන්නට සෑම මට්ටමකම ක්‍රිඩා සමාජ මෙන්ම ක්‍රිඩකයෝද වෙහෙස වනු ඇත.එසේම සෑම ක්‍රීඩා සමාජයක්ම තමන්ගේ තරම සම්බන්ධයෙන් ස්ථාවරය පවත්වා ගත යුත්තේ ඇසුරු කරන පංති සමාජයේ පළල අනුව නොවේය.එය දස්කම් අනුව වෙනස් විය හැකිය.බමුණු කුලයක් නඩත්තු වෙන රගර් ක්‍රීඩාවක් වෙනුවට දක්ෂයන් රටට නිර්මාණය කරන සහ දස්කම්ම ඉහළින් ඇගයෙන රගර් සංස්කෘතියක් මේ රටට අවශ්‍යය කර ඇත.
මේ කාරණය තනිකරම ක්‍රීඩාවේ දේශපාලනයේ අවංකභාවය ද පරික්ෂාවට ලක් කරන ව්‍යායාමයකි.ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශය ආසියානු සහ ජාත්‍යන්තර රගර් පරිපාලනවයට යෝජනා කළ යුත්තේ අපේ රගර් ඉතිහාසය සහ වර්ථමානයේ ඇති හැකිලීම පාදක කරගෙන,ශ්‍රී ලංකා රගර් යම් පිරිසක බලයට අනුව හසුරුවන ඡන්ද ව්‍යාපෘතියකට සීමා නොවී පැතිරුණු විසිරුනු බලයක් අනුව ජාතික බලය තීරණය වන ඡන්ද ක්‍රමයක අවශ්‍යයතාව මීටත් වඩා පළල්ව මේ පොළවට අවශ්‍යය බව කීමටය.
සිමීත පිරිසක් සමස්ත රටේ රගර් ක්‍රීඩාව සිදුවිය යුතු ආකාරය තීරණය කිරීම වෙනුවට, රගර් වැඩ සටහන බහුතරයකගේ උවමනාවන් හඳුනාගෙන ක්‍රියාත්මක රගර් ක්‍රිඩාවක් වීමේ ප්‍රායෝගික වැඩ සටහන කරළියට ගෙන ඒමය.හරීන් ප්‍රනාන්දුගේ දේශපාලනයේ මුල් හැටියට සැළකිය හැකි ඌවේ ජනතාව වෙනුවෙන්, ඌව ජිම්කානා වැනි 1880 දක්වා පමණ දිවෙන ඉතිහාසයක් ඇති ක්‍රීඩා සමාජයක් නැවත උත්ථානය කළ හැකිද යන්න පරික්ෂාවට බඳුන් කළ හැකිය.
ඇත්තටම දෙමළ වතු ජනාතවගෙන් ලැබෙන බලයට ආශා කරනු වෙනුවට ජනතාවට බලය බෙදෙන සහ ශක්තිය ලැබෙන වැඩ සටහනක් කිරීමට තොණ්ඩමන්ලාට,දිගම්බරම්ලාට අවශ්‍යයනම් දික්ඔය මස්කෙළිය,දිඹුල වැනි ක්‍රිඩා සමාජ හරහා ඒ පොළව සෙරඩිගාපු මිනිසුන්ගේ හයිය රටේ දැවන්තයන් ඔසවා පෙරළා දමන ජාතියේ හැඩයකට වෙනස් කළ හැකිය.කැළණිවැලි ක්‍රිඩා සමාජය තිබෙන්නේ එක අතකින් කොළඹ කෙළවරය.තවත් අතකින් රත්නපුර කෙළවරය.එසේම කෑගල්ලටත් ආසන්නය.මේ දිස්ත්‍රික් තුනේම සිටින දැවන්තයන් පොරට වැටී බලයට පැමිණ ඇත්තටම මිනිසුන්ගේ ශක්තියට ආදඑය කරනවානම් කැළණි වැලි ක්‍රිඩා සමාජයේ රගර් ඒ සඳහා හොඳ පාරක් ය.
ගාල්ල ගත්තත් එසේමය.ඉතාම ඉහළ පොළේ පාසල් රගර් ක්‍රීඩා කළ ඉතිහාසයක් ද එහි ඇත.මේ වන විට මාතර සහ හම්බන්තොට ද හොඳ ක්‍රිඩා පිබදීමක් දැකිය හැකිය.මේවාට රගර් මුසු කිරීමට හැකිනම් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පොකුරු ගැසී සිටින දකුණ රගර් පිටියේ ද ජාතික නියෝජනයට අභියෝග කරන්නට ඉඩ ඇත.බමුණන් රකින,ඔවුන්ට ආවතේව කරන සම්ප්‍රදායක් වෙනුවට රටේම පැතිරුණු බලයක් සහිත හැකියාවම සාධකය වූ රගර් සංස්කෘතියකට ශ්‍රී ලංකාව රැඟෙන යාමේ පියවර ඇරඹීමට ශ්‍රී ලංකා රගර් සහ රටේ ක්‍රීඩා පරිපාලකයේ අවදිව වැඩ කරන්නේ ද යන්න අපි විමසිල්ලෙන් සිටිමු.
මේ සමඟ වන දිඹුල ක්‍රීඩා කණ්ඩායමේ ඡායාරූපය අප උපුටා ගත්තේ History of Ceylon Tea ෆේස්බුක් පිටුවෙන්ය.එය කෙන් මරේ නැමති රගර් රසකාමියගේ ඡායාරූප එකතුවෙන් ගෙන පළ කළ එකකි.හෙි වැදගත්කම එය 1970 ජයාරූපයක් වීමය.මෙහි වැදගත් එහි ඇති ජාතීන් අතර වන එකමුතුවය.දේශපාලනික වශයෙන් රට විනාශ කළ ජාතින් අතර එකමුතුව විනාශ කිරීමේ පියවරක් හැටියට ඒ අනුව රගර් ද විනාශ වී ඇත.එය විනාශ කිරීමට මඟ සකස් කළ පිරිසේ පසු පරපුර අද රටේ රගර් මෙහෙයවන්නට පොර බැඳ ඉල්ලා සිටින ප්‍රධාන රගර් ක්‍රීඩා සමාජවල සාමාජිකත්වය ද දිනා ගෙන ඇතුවාට සැක නැත.එහෙත් ඒ රගර් ජනතාවගෙන් ඈත් වි එකිනෙකා දෙස ජාතීන් ලෙස ආගමිකයන් ලෙස වෛරයෙන් බලන තැනකට සේන්දු වී ඇත. මෙය වෙනස් කළ යුතු බව සිතන තැනට මනස නොවැඩුණු ඔළුව නොදියුණු,සාක්කු පිරුණු මිනිස්සුන්ට රගර් නටවන්න දිය යුතු ද යන්න දේශපාලනය සහ රගර් පරිපාලනය කල්පනා කර බැලිය යුතිය.
උදාහරණයකට ශ්‍රී ලංකාවේ රගර් මුල් පුටුවට මොහොමඩ් ඉල්ලියාස් ගේ මුස්ලිම් කමට විරුද්ධ වූ පිරිස් අපි දුටුවෙමු.ඒත් එහි නායකයන් ඉහළ සිට ඊට අනුබල දෙමින් කරන්නේ රගපෑමක්ය.ඔවුන් බලය වෙනුවෙන් සූදු කෙළින්නට යොදා ගන්නා ජාතිය ජයග්‍රහණය සඳහා ආරක්ෂා කර ගෙන භාවිතා කරන තුරුම්පුවක්ය.ඒ කිසිවෙක් ධන කුවේර ආසියානු සභාපතිගේ මුස්ලිම්කම ගණන් ගන්නේ නැත.එය දේශපාලකයාගේ සිට රගර් සමාජය ඇතුළේ පිරිහුණු චරිත ආසියා සභාපතිගේ ඔඩොක්කුවට වැටි කරන සෙල්ලම්වලින් ද අපි දුටුවෙමු.
මේ පාරෙන් අයින් වෙන්න. රගර් බමුණන්ට නොව පුරවැසියන්ට විය යුතුය.පුළුවන්නම් හරීන් මේ වැඩේ පටන් ගන්න.රට ආසියාවේ ක්වයිස් අල් දලායි ගේ නොවේය.ආසියාවේ මුල් පහ තුළ සිටි ශ්‍රී ලංකාවේ රගර් පහළ වට්ටවා දලායිගේ රට ඉහළට ගැනීමේ උවමනාව වෙනුවෙන් පෙනී සිටි ඊනියා දේශප්‍රේමීන්ගේ ද නොව.මේ රටේ මිනිස්සුන්ගේය.හරීන්ට යහපත් රටක් පතා ඡන්දය දුන් සහ දෙන්න ඉන්න මිනිසුන්ගේය.
