මේ රටේ වර්තමාන ආර්ථික එංජිම වන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බවත් ඔවුන් දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් හා රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන බවත් පාස්කු, කොරෝනා සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව අර්බුධයන් නිසා මේ රටේ ආර්ථික එංජිම අඩපණ වූ බවත් මොවුන් රට බංකොලොත් නොකළත් අවසානයේ ඔවුන්ට බංකොලොත් වෙන්න සිදු වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල වෙන්දේසි වන තත්ත්වය සම්බන්ධයෙන් තමා ඇතුළු සමගි ජන බලවේගය වසරකට වැඩි කාලයක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හඬ නැගීමේ ප්‍රතිඵලයක් ලෙස පරාටේ නීතිය හරහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය තාවකාලිකව නතර කරන්න සති කිහිපයකට පෙර තීන්දුව ගත්තත් බැංකු හා මූල්‍ය ආයතන ‘රට තුළ ආණ්ඩුවක් නැහැ’ යනුවෙන් හිතා ගෙන මේ වෙන්දේසි ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නමුත් නැවත වරක් රජය චක්‍රලේඛයක් හා ගැසට් එකක් හරහා මෙම තීන්දුව නීතියට බවට පත් කරන්න සූදානම් බවට දැන ගැනීමට ලැබුණ බවත් එය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහනයක් වුවත් මොවුන්ගේ ආර්ථික ක්‍රියාවලියට නැවත වරක් පණක් ලබා දීමට කාරක ප්‍රාග්ධනයක් රජය විසින් ලබා දිය යුතු බවත් ඒ තුළින් විනාශ මුඛය කරා ගිය ව්‍යවසායකයින් නැවත සක්‍රීය වී ආදායම් උත්පාදනය කර පොලී සහ ණය ගෙවීමේ හැකියාව ලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 121 වැනි අදියර යටතේ ගම්පහ දිවුලපිටිය කටුවැල්ලේගම මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (13) එක්වෙමිනි.
තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්ගේ පාරාදීසයක් බවට රට පත් කරමු
තමාගේ සිහිනය හා පැතුම වන්නේ අපේ රට තුළ තොරතුරු තාක්ෂණ කුසලතා සහිත ශ්‍රම පරපුරක් නිර්මාණය කර තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්ගේ පාරාදීසයක් බවට පත් කළ යුතු බවත් ඒ දැනුම හැකියාව ප්‍රයෝජනයට ගෙන ශ්‍රම අපනයනය කිරීමේ හැකියාව ඇති කර ගත යුතු බවත් දිගින් දිගටම ගෘහ සේවිකා වෘත්තිය තුළින් පමණක් ප්‍රේෂණ වර්ධනය වන ප්‍රතිගාමී දුබල පසුගාමී ප්‍රතිපත්තියේ රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගෘහ සේවයට වඩා සෞඛ්‍ය සත්කාර සේවය ගැන සිතමු
ගෘහසේවිකාවක් ලෙස විදෙස් ගත වෙනවා වෙනුවට ඔවුන්ට නිසි නිපුණතාව කුසලතාව ලබා දී සෞඛ්‍ය සත්කාරක සේවය හෝ හෙද වෘත්තිය හරහා රටට ඩොලර් උත්පාදනය කළ හැකි බවත් එවැනි වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
කියන දේ කරන යුගයක් රටට අවශ්‍යයි
දියුණු මානසිකත්වයකින් රටක් ලෙස ඉදිරියට යා යුතු බවත් කතාව ක්‍රියාවට පරිවර්තනය කරන කියන දේ ඒ ආකාරයෙන්ම ඉටු කරන ක්‍රමයකින් කඩා වැටුණු ගරා වැටුණු බංකොලොත් රට අභිමානවත් ශක්ති සම්පන්න පෞරුෂයක් සහිත රටක් ලෙස ගොඩ ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 84ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4092ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 121ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1211ක් වැය කර තිබේ.
RN
