සතුරාගේ ප්‍රතිරූපය බිඳ දැමීමට ඔබ බාවිතා කරන්නේ අසූචි නම් එයින් සතුරාගේ ප්‍රතිරූපය නොව සුනුවිසුනු වී යන්නේ ඔබේ ප්‍රතිරූපයයි

Date:

වාමාංශික අදහස් දරන්නෙකු විදියට මටත් හිරුණිකා ගැන, හිරුණිකාගේ පරම්පරා දේශපාලනය ගැන බ‍රපතල විවේචනයක් තියෙනවා ..

ඒවගේම ඒ විවේචනය ගේන්ට ඕන දේශපාලනය විවෙචනයක් විදියට කියලත් මම විස්වාස කරනවා.. නමුත් ගැහැණියකගේ බිකිනි ඡායාරූප බාවිතා කර එල්ලකරන ප්‍රහාර අයත්වන්නේ එවන් විවේචන ගනයට නොව පහත් අපහාස ගනයට බවත් මතක්කර දෙනු කැමැත්තෙමි ..

තවත් පැත්තකින් මෙවන් චායාරූප යමෙකුට අපහාස කිරීම සඳහා යොදාගැනීම තුල ප්‍රකාශමාන වන්නේ අපහාස කරන්නා තුල ඇති ජාත්‍යන්තර රූ රැජින තරඟ සහ නව්‍ය විලාසිතා පිළිඹඳ නොදන්නා හද්දා බයි ගතියයි..මෙය රාජපක්ෂ බයියන්ද පසුකර යෑමකි..

තවත් පැත්තකින් මෙහි ඇති පැටලවිල්ල නම් කාන්තාවන්ට ප්‍රසිද්දියේ අපහාසකරන පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් ලුම්පිත පොහොට්ටු මන්ත්‍රීවරු සහ ඔවුන්ව විවේචනය කරන මොවුන් අතර පවතින වෙනස කුමක්ද යන්නෙහිය..

අනෙත් කරුන චන්ද්‍රිකාද කාන්තාවකි, හරිනි අමරසූරියද කාන්තාවකි, ගමේ පාතිමාද, පත්මාද, වත්තේ සරස්වතීද කාන්තාවකි, හිරුණිකාද කාන්තාවකි, හිරුණිකා ස.ජ.බෙ. වූ පලියට හෝ බාරතගේ දුව වූ පලියට කාන්තාවක් නොවන්නේ නැත.. එසේම ගැහැණියක් තමා නියෝජනය කරන දේශපාලන කඳවුර අනුව ඇගේ කාන්තාමය බාවය තීරණය වන්නේ හෝ ඇයව අපහාසයට ගොදුරු කිරීම යුක්ති සහගත වන්නේ හෝ නැත..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...