SLICGL නව ගමනක!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16, කොළඹ (LNW): 2024 වසරේ පෙබරවාරි මස 01 වන දින නිල වශයෙන් වෙනස් ගමනක් යමින් සිටින, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි සාමාන්‍ය රක්ෂණ අනුබද්ධ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) ව්‍යාපාර වර්ධනයේ සහ නවෝත්පාදනයේ නව මාවතකට පිවිස සිටී.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා පැවසූවේ මෙවන් අදහසක්,

“වසර 62ක් පුරා අත්කරගත් දැවැන්ත සාර්ථකත්වයෙන් අනතුරුව, පවතින නීති ප්‍රකාරව අපගේ සමාගම ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ වශයෙන් සමාගම් දෙකක් බවට විභේදනය වුණා. මෙය අපගේ මූලික ව්‍යාපාර ක්‍රමෝපායන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින්, පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ලැබුණු අවස්ථාවක් ලෙස අප දකිනවා. නිල වශයෙන් වෙනම ආයතන ද්විත්වයක් ලෙස ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවබෝධ කරගනිමින් අප නියාමන අවශ්‍යතා මෙන්ම වෙ‍ෙළඳ‍ෙපාළ ප්‍රවණතාවන්ට අනුවර්තනය වෙමින් අදාළ කාණ්ඩ අනුව වෙන් වෙන්ව කටයුතු කිරීම සඳහා සූදානම් වීම ආරම්භ කළේ 2018 වර්ෂයේදීයි.”

2023 වසරේදී මෙරට සමස්ත සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ දළ වාරික ආදායම (Gross Written Premiums – GWP) සම්බන්ධයෙන් සාමාන්‍ය වශයෙන් 5.7% ක වර්ධනයක් අත්කරගෙන තිබුණද, එම වසරේදී 14% වර්ධනයක් වාර්තා කරගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමත් වී තිබේ. රථවාහන රක්ෂණ සහ රථවාහන නොවන රක්ෂණ යන කාණ්ඩ දෙකම සැලකිය යුතු මට්ටමින් පුළුල් වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. මේ වන විට රථවාහන රක්ෂණ අංශයේ ප්‍රමුඛයා ලෙස සිටීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමත් වී ඇති අතර, රථවාහන නොවන රක්ෂණ ද වැඩි පිරිසක් වෙත සමීප කරවීමට සමාගම පියවර ගනිමින් සිටී.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත පෙරේරා මෙසේ සිය අදහස් පළ කළේ ය.

“2023 වසරේදී අපගේ කාර්යසාධනය, ක්ෂේත්‍රයේ ප්‍රවණතා සැලකිය යුතු මට්ටමකින් අභිභවා යන්නට සමත් වුණා. ඒ ඔස්සේ 5.7% ක වර්ධනයක් සමඟින් අඛණ්ඩව රථවාහන රක්ෂණ අංශයේ ප්‍රමුඛයා බවට පත්වීමට අපට හැකි වූවා. මෙය රක්ෂණ ක්ෂේත්‍රයේ රථවාහන රක්ෂණ කාණ්ඩයේ සාමාන්‍ය වර්ධනය වූ 0.5% ට සාපේක්ෂව 10 ගුණයකටත් වඩා වැඩි වර්ධනයක්. එමෙන්ම, රථවාහන නොවන රක්ෂණ කාණ්ඩයේ සාමාන්‍ය වර්ධනය වූ 13% ට සාපේක්ෂව 27% ක් වැනිඉහළ වර්ධනයක් වාර්තා කරගැනීමට අප සමත් වී තිබෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...