ගොඩබිමින් ගාසාවට ලැබෙන මානුෂීය අධාර ගැන සෑහීමට පත් විය නොහැකියි – ජර්මන් චාන්සලර්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා ජනතාවට ලබාදෙන මානුෂීය ආධාර කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බව ,ජර්මන් චාන්සලර්වරයා කියා සිටී.

ජර්මන් චාන්සලර්වරයා පවසන්නේ, ගාසා ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර මහා පරිමාණයෙන් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

ජර්මන් චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සඳහන් කරන්නේ, ගාසා තීරයට ගොඩබිමින් දැනට ලබාදෙන මානුෂීය අදාර කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

මුහුදු මාර්ගයෙන් ගාසා තීරයට පළමු මානුෂීය ආධාර තොගය ඊයේ ලබාදුන් අතර, ඊට සහල්,තෙල් වර්ග සහ රට ඉදි ඇතුළත් බව පැවසේ.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඇමෙරිකාව එක්ව ගාසා තීරයට ගුවනින් මානුෂීය අධාර ලබාදීම ද මේ වනවිට ක්‍රියාත්මක අතර, රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය කිසිසේතම අනුමත කළ නොහැකි බව ජර්මන් චාන්සලර්වරයා පවසයි.

ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කීපයක් පැවැත්වීම සඳහා ජර්මන් චාන්සලර්වරයා ඉදිරි සතියේදී මැදපෙරදිග විශේෂ සංචාරයක නිරතවීමට ද නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව ෂැංහයි...

නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල පසුගිය 10...

ලාංකේය විනිසුරුවන් තිදෙනකොට ජාත්‍යන්තර වරම්

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: සුගතදාස ගෘහස්‍ත ක්‍රීඩාංගණයේදී පැවැත්...

වැඩි ඡන්දයෙන් සම්මත වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ජාතික ජන බලවේගය...