ගෝටාගෙ කුමන්ත්‍රණය … – මානිගෙ තීරුව

Date:

මාර්තු 17 වැනිදා,
කොළඹදී.

අපේ අහිංසක ගෝටා,

අද මම ලියන දේට එබී බැලූ බිරිඳගේ ඇස්වලට කඳුළු පිරැණා.ඇයි ඔයාට ගෝටා මතක් වෙලා දුක හිතුණදැයි මම ඇගෙන් ඇහුවා.”බම්බුව තමයි.යුද්දෙ දිනෙව්ව වගේ රටත් දිනවයි කියල ගෙනාපු මිනිහා අන්තිමේ ඡන්දෙ දීපු එවුන්ගෙ රෙදිත් නැති කරල ගිය හැටි මතක් වෙලා තරහටයි කඳුළු ආවෙ” කියල බිරිඳ කිව්වා.

රටේ කවුරු මොනව කිව්වත් ගෝටා කියන්නෙ කල්ල කපටියෙක් කියලයි අපේ පුතා නම් කියන්නෙ .මහින්දගෙ කාලෙ ඔහේ බය නැතුව දරැණු චරිතයක් රඟපෑවලු,මොනව කරත් වගකීම යන්නෙ අයියටනෙ කියල .තමන් ජනාධිපති වුණාම ,පොලු කෑල්ලක්වත් නැති කොල්ලොකෙල්ලො රැළකට ජනාධිපති මන්දිරෙත් වට කරන්න ඇරල බබා වුණාලු,ඇමරිකන් තානාපතිනිගෙන් හොඳ නාමෙ ගන්න.කවුරු නෑ කිව්වත් මම නම් කියන්නෙ ඔහේව එළවන්න කුමන්ත්‍රණයක් නම් තිබුණා,හැබැයි ඔහෙත් හිටියෙ කුමන්ත්‍රණකාරයො එක්ක .

මගේ යාළු මහාචාර්යවරයෙක් කිව්වා ඔහේගෙ පොතට බණින එවුන් තේරැම් අරගෙන නැහැලු ඒක අපේ සම්භාව්‍ය සාහිත්‍යයෙන් ආභාසය ලබා කරපු වටිනා ප්‍රබන්ධයක්ය කියල .උම්මග්ග ජාතකයෙ වේදේහ රජ්ජුරුවන්ට වගේම මේ පොතේ එන ජනාධිපතිටත් සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද වගේ ඔලමොට්ටල උපදේශකයො රංචුවක් ඉන්නවලු .අන්තිමේදි වේදේහට වගේම මේ ජනාධිපතිටත් පැනගන්න වෙන්නෙත් රහස් උමගකින්ලු.හැබැයි මේ පොත ජාතක පොත ගෙඩි පිටින් කොපි කරල නෑ කියලත් තේරෙනවලු වේදේහට වගේ මේ ජනාධිපතිට මහෞෂධ පණ්ඩිතයෙක් නැතිවීමෙන්.

මේ පොත කියෙව්වට පස්සෙ, ලබන අවුරැද්දෙ ස්වර්ණ පුස්තක සම්මානය බලාගෙන ඉන්න කාටකාටත් මට කියන්න තියෙන්නෙ සොරි කියල තමයි කියල මහාචාර්යවරයා කිව්වා .

මගේ යාළුවා එහෙම හිතුවට ආධුනික ලේඛකයෙකු හැටියට ඔහේගෙ අපරිණත භාවය මේ කෘතියෙන් ඔප්පු වෙනව කියල මගේ බිරිඳ අප්‍රසාදයෙන් කියනව . ඔහේට ඇඩ්‍රස් නැති කරපු උපදේශකයො රැළෙයි,ඔහේව ආරක්ෂා කරගන්න බැරි වෙච්චි ආරක්ෂක ලොක්කො රැළෙයි හෙළුව පෙන්නලනෙ ඔහේගෙ හෙළුව වහගන්න ඕන කියන කාරණේ ඔහේට මගහැරිලා ගිහින් කියල ඈ කියනව.පැන්ෂන් ගියාට පස්සෙන් පහුත් තමන්ට කෙළවපු උන්ට නැතිවෙන්න දෙන්න බැරි මිනිහෙක්ව ඒ කාලෙම ගෙදර යැව්වා හරිනෙ කියලයි ඈ කියන්නෙ .

කුමන්ත්‍රණේකින් ගෙදර යන්න වුණා කියන ඔහේ ඒ ගැන පොතක් ලිව්ව කියල දැනගත්තම අපේ මුණුබුරා අහපු ප්‍රශ්නෙ දන්නවද? ත්‍රිවිධ හමුදාවෙයි,පොලිසියෙයි ලොක්කො 1962දි ආණ්ඩුව පෙරළන්න කරපු කුමන්ත්‍රණේ ලත් තැනම ලොප් කරපු සිරිමා ඒ ගැන පොත් කීයක් ලියල තියෙනවද කියල.අනේ ,ඔහේ උගෙ පඩත්තල කතාව ගණන් ගන්න එපා,ඌත් උගෙ තාත්තා වගේම හරි පණ්ඩිතයි.

අපේ පුතා නම් කියන්නෙ කවුරුවත් අල්ල නොගත්තට මේ පොතෙන් කියන ප්‍රධාන කාරණේ කුමන්ත්‍රණ නෙවෙයි කියලයි . සිංහල බෞද්ධයො ⁣දෙවැනි පෙළට වැටිලාය,දැන් ඒක වෙනස් කරන්න සිංහල බෞද්ධ නායකයෙක් ඕනය කියන කතාවලු පේළි අතර තියෙන්නෙ .ඒ කියන්නෙ සිංහල බෞද්ධයො බේරගන්න තියෙන අන්තිම අවස්ථාවද මේ දොළොස්වැනි වතාවටත් ඇවිත් තියෙන්නෙ ?

මම,
මානි

ප:ලි:
ජේ.ආර්.,ප්‍රේමෙ,චණ්ඩි,එම්.ආර්.,සිරා ඇතුළු සියළු ජනාධිපතිල ෆේල් රටේ ඔහේ විතරක් ෆේල් කියල කීමේ තේරැමක් නෑනෙ .හැබැයි මේ පොත කියෙව්වම මට හිතුණෙ ඔහේ විතරක් නෙවෙයි ඔහේගෙ මිත්‍රයා සී.ඒ.චන්ද්‍රප්‍රේමත් ෆේල් කියලයි.⁣Gota’s War ලියපු හාදයා හොඳ ලේඛකයෙක් කියලයි මෙච්චර කල් මගේ හිතේ තිබුණෙ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...