අප්‍රේල් පළමුවනදා කටුනායක ගුවන්තොටුපළ වෙත එන අමුත්තා!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17, කොළඹ (LNW): අප්‍රේල් පළමුවනදා , වසර හතරකට පසු යළි තායි ඒයාවේස් ගුවන් සේවය ආරම්භ කිරීමත් සමඟ පළමු ගුවන් යානය බැංකොක් සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිත බව සඳහන් වේ.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වු තායි ඒයාවේස් ගුවන් සේවය පසුගිය කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්අත්හිටුවනු ලැබූ අතර, තායි ඒයාවේස් ගුවන් සේවයේ කටයුතු යළි ආරම්භ කිරීමත් සමග මෙසේ කටුනායක හා බැංකොක් අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය වී ඇත.

ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ගුවන් සමාගම සමග පැවැත්වු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බව පැවසේ,

තායි ගුවන් සේවාව නැවත ආරම්භ කිරීම නිමිත්තෙන් පසුගිය දා උත්සවයක් ද පැවති අතර අමාත්‍ය අලී සබ්රි,  ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිතූන් මහපනපෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...