එදා ගෝඨාභයට ඡන්දය දුන්න 69 ලක්ෂය දැන් ඉන්නේ අපේ පක්ෂය එක්කයි – අනුර

Date:

2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයක ජනතාව දැන් සිටින්නේ ජාතික ජන බලවේගය සමග බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“දැන් රනිල් මහත්තයා තව පාරක් ආවොත් ගොඩයයි කියලා හිතනවද ? හැමදාම ඕනෙ නම් කොමඩි චිත්‍රපටියක් බලන්න පුළුවන්. මොකද කියන්නෙ ? නිකම් හොරෙක් නැතිවුණොත් අප්සෙට් වගේද ? එහෙම නෑනෙ ? ලංකාවේ ගෝඨාභය එළවනකොට වව්නියාවෙ ජනතාව පාරට බැස්සෙ. මෑත ඉතිහාසයේ ලක්ෂ 69ක් ගත්ත ජනාධිපති කෙනෙක් ජනතාව පාරට බැහැලා පළවා හැරියා. මෙතන බහුතර අය කවුද ? 2019 දුන්නෙ කාටද ? ගෝඨාභයටනෙ ? අද ඒ ජනතාව එකතුවෙලා ඉන්නෙ කාත් එක්කද ? ජාතික ජන බලවේගයත් එක්ක. මම බෝගස්වැව අපේ අනුර සහෝදරයාත් එක්ක කතා කළා. මම ඇහුවා කොහොමද තත්වෙ කියලා. යූඑන්පී කාරයෙක් බෙහෙතකට හොයාගන්න නෑ කිව්වා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ වව්නියා දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...