පුටින්ට මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක්

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 18,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 87%ක වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පස්වන වරටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

පුටින් හා තරඟ වැදී කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂකයන තිදෙනාගෙන් කිසිවෙකු බරපතල අපේක්ෂකයින් නොවූ අතර නිකොලායි කරිටොනොව් ඡන්ද වලින් 4% කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත් අතර ඔහුගේ සෙසු අපේක්ෂකයින් ඊටත් වඩා අඩු විය.

මේ සම්බන්ධයෙන් විචාරකයන් සඳහන් කර තිබුණේ, පුටින්ගේ දැඩි විවේචකයකු වූ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මිය යාමත් සමඟ පුටින්ට විරුද්ධවාදීන් එක්කෝ සිරගත කර ඇත, නැතහොත් පිටුවහල් කර ඇත, නැතහොත් ඔවුන්ගේ ජීවිත අහිමි වී ඇත යනුවෙනි.

දින තුනක් පුරා පැවති ජන්දය සම්බන්ධයෙන් OVD-Info නිරීක්ෂණ කණ්ඩායම පැවසුවේ අවම වශයෙන් රුසියානුවන් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඡන්දය නිදහස් හෝ සාධාරණ නොවන බව හෙළා දැකීමට බටහිර රටවල්වන ජර්මනිය, එක්සත් රාජධානිය, යුක්රේනය ඇතුළු රටවල් ප්‍රකාශ කර ඇති අතර ජර්මනිය එය හැඳින්වූයේ වාරණය, මර්දනය සහ ප්‍රචණ්ඩත්වය මත යැපෙන ඒකාධිපති පාලකයෙකු යටතේ ව්‍යාජ මැතිවරණයක් වශයෙනි.

කෙසේ නමුත් පුටින්ගේ ජයග්‍රහණය එරට රාජ්‍ය රූපවාහිනී නාලිකාවල වාර්තා වුයේ ව්ලැඩිමීර් පුටින්ගේ චරිතය වටා ඇදහිය නොහැකි මට්ටමේ සහයෝගයක් සහ එකමුතුවක් ගොඩනැගී ඇති බවයි. මෙවර පුටින් ලබා ගත් සය වසරක නව ජනාධිපති ධුර කාලයත් සමඟ ඔහු රුසියාවේ වැඩිම කලක් ජනාධිපතිධුරය හෙබවූ නායකයා ලෙස ජෝසප් ස්ටර්ලින් අභිබවා යනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...