ADB වෙතින් ඩො. මි.100 ක ණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18, කොළඹ (LNW): ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර නඟාසිටුවීම වෙනුවෙන් මෙරටට ආසියා සංවර්ධන බැංකුව ඩොලර් මිලියන සියයක ණය මුදලක් ලබාදී තිබෙන බව සඳහන් වේ.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර නගාසිටුවීම සදහා පිහිටුවන ජාතික ණය ඇපකර ආයතනය ස්ථාපිත කිරීම ඇතුලු කටයුතු වෙනුවෙන් මෙම මුදල අනුමත වී ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙම අරමුදල මගින් අපනයන / සංචාරක / තාක්ෂණ / කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහාය දැක්වීය හැකි බවත්, අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සදහා රජයේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ද මෙය වැදගත් බවයි.

පීඩාවට පත් ව්‍යවසායකයන් වෙනුවෙන් කාරක ප්‍රාග්ධන පහසුකම් සැපයීම මෙම ණය මුදල යටතේ සිදුකළ හැකි වන අතර , දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක ප්‍රමාණයක් ආවරණය කරනු ලබන මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මගින් ජනගහනයෙන් 42%ක රැකියා අවස්ථා ද උත්පාදනය කරන බවද අමාත්‍යවරයා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...