පාකිස්තාන ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවක් ඇතුළු ළමුන් අට දෙනෙකු මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 19,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානය විසින් ඊයේ(18)දිනයේදී ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් කාන්තාවක් ඇතුළුව ළමුන් අට දෙනෙකු මියගිය බව ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පකිස්ථානය සඳහන් කර තිබුණේ, දේශසීමා ප්‍රදේශවල සැඟවී සිටින ටෙහ්රීක්-ඊ-තලිබාන් පකිස්ථාන (TTP) සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ප්‍රහාර දියත් කළ බවයි.

සන්නද්ධ කණ්ඩායම් පාකිස්තානය තුළ ත්‍රස්තවාදී ප්‍රහාර දියත් කිරීමට ඇෆ්ගන් භූමිය භාවිතා කරන බවට පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍ය Khawaja Asif දිගින් දිගටම චෝදනා කර ඇති අතර කුමන පදනමක් යටතේ හෝ ඇෆ්ගන් භූමියට ප්‍රහාර එල්ල කිරීම ඇෆ්ගනිස්ථානය දැඩිව ප්‍රතික්ශේප කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ රජයේ ප්‍රකාශක Zabihullah Mujahid සිය ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ලෝකයේ සුපිරි බලවතුන්ට එරෙහිව නිදහස් අරගල ක්‍රියාත්මක කිරීමේ දිගු අත්දැකීම් ඇති ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමීර් රාජ්‍යය, තම භූමිය ආක්‍රමණය කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙනු ඇත’ යනුවෙනි.

කෙසේ වෙතත්, පසුගිය සෙනසුරාදා,(16) මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පාකිස්තානයේ උතුරු වසිරිස්තාන් දිස්ත්‍රික්කයේ, අසල්වැසි ඇෆ්ගනිස්ථානය වන කයිබර් පක්තුන්ක්වා පළාතේ හමුදා මුරපොලක් ඉලක්ක කර දියත් කරන ලද ප්‍රහාරයන් හේතුවෙන් සොල්දාදුවන් හත් දෙනෙකු මිය ගිය අතර 2021 දී තලේබාන් රජය බලය අල්ලා ගැනීමෙන් පසු පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර ආතතිය ඉහළ ගොස් ඇත. ඉස්ලාමාබාද් කියා සිටින්නේ සතුරු සන්නද්ධ කණ්ඩායම් දේශසීමා හරහා නිරන්තර ප්‍රහාර එල්ල කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...